විද්‍යාව.com

උප පරමාණුක අංශු අනාවරණය
විවිධ නිරීක්ෂණ නිසා පදාර්ථය හා විද්‍යුතය අතර සමීප සම්බන්ධතාවයක් පවතන බව පහත නිරීක්ෂණ වලින් නිගමනය කළ හැක.

ස්ථිති විද්‍යූතය

ගැල්වානි කෝෂ

විද්‍යූත් විච්ඡේදනය

විද්‍යූත් කපාට

ෆැරඩේගේ පරීක්ෂණ වලින් ලබාගත් තොරතුරු භාවිතා කර විද්‍යූතයට අංශූමය ස්වාභාවයක් ඇතයි යන මතය ස්ටෝනි ඉදිරිපත් කළේය.‍ ‍මෙම විද්‍යුත් අංශුව ඉලෙක්ට්‍රෝනය ලෙස හඳුන්වනු ලැබේ. විලියම් කෲක්ස් විසින් සිදු කරන ලද කැතෝඩ කිරරණ පරීක්ෂාව පසුව එම කිරණ පිළිබඳව දීර්ඝව අධ්‍යයනය කර තොම්සන් ඉලෙක්ට්‍රෝනය අනාවරණය කර ගත්තේය.

කෲක්ස්ගේ කැතෝඩ කිරණ පරීක්ෂාව

මෙහිදී පරීක්ෂණය ලෙස ඉතා අඩු පීඩනයක් යටතේ වායුවක් අඩංගු නලයක් තුල ඇනෝඩයක් සහ කැතෝඩයක් යොදා සරල අධීවොල්ටීයත්ාවයක් සපයනු ලැබේ. එවිට තැතෝඩය දෙසින් කිරණ විශේෂයක් නිකුත් වන අතර එම කිරණ නලයේ බ්ත්ියේ වැදී කොළ පාට දීප්තියක් ලබා දෙන බව නිරීක්ෂණය කළ හැක. මෙම කිරණ කැතෝඩ කිරණ ලෙස හැඳින්වේ.

Cathode Rays

මෙම පරීක්ෂණයේදී එක් එක් නිරීක්ෂණය මඟින් ලබා ගත් නිගමන මෙසේය.

කිරණ මාර්ගයේ තැබූ පාරාන්ධ වස්තවක් තැබූ විට බිත්තිය මත තියුණූ සෙවනැල්ලක් ලැබේ. එනම් මෙම කිරණ විශේෂය සරල රේඛීය මාර්ගයක ගමන් කරන බව නිගමනය කළ හැක.

විද්‍යූත් ක්ෂේත්‍රයකට මැදි කල විට මෙම කිරණ ධන ආරෝපිත තහඩුව දෙසට උත්ක්‍රමණය විය. එනම්. මෙය ඎණ ආරෝපිත කිරණයකි.

කිරණ මාර්ගයේ තැබූ හබල් සකක පෙති කිරණය ගැටුන විට හබල් සක කරකැවිණී. එම නිසා මෙම කිරණ අංශූ වලට ස්කන්ධයක් සහ ප්‍රවේගයක් ඇත. එනම් ගම්‍යතාවයක් ඇත.

අවතල කැතෝඩයක් යොදාගත් විට එකිරණ එක් ලක්ෂ්‍යයකට අභිසාරණය විය. එනම් කිරණ කැතෝඩයේ පෘෂ්ඨයට ලම්භකව ගමන් කරයි.

කිරණ මාර්ගයේ ඇලුමීනියම් පතුයක් තැබූ විට ඒ තුලින් කිරණ ගමන් කිරීම නිසා යම් තරමක විනිවිද යාමේ හැකියාවක් පවතින බව නිගමනය කළ හැක.

නලය තුල වායු වර්ගය වෙනස් කරමින් පරීක්ෂණය කළ විට කැතෝඩ කිරණයේ ස්කන්ධය එහි ආරෝපණ්‍යට දරන අනුපාතය (e/m) වෙනස් නොවන බව සොයා ගැනිණී. එනම් මෙම කිරණ සෑදී ඇති අංශූ සෑම පදාර්ථයකටම ‍පොදු බව නිගමනය කෙරිණී.

ජේ. ජේ තොම්සන් විසින් මෙම අංශූ විශේෂය ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වනු ලැබීය. ඉලෙකට්‍රෝනයේ e/m අනුපාතය කිලෝග්‍රෑමයට කූලොම් 1.759 x 10^11 බවද ඔහු විසින් අනාවරණය කෙරිණී. තවද ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ආර්. ඒ. මිලිකන් ඔහුගේ තෙල් බිංදු පරීක්ෂණයෙන් සෙයා ගැනුණි. එහි අගය කූලෝම් 1.6021 x 10^-18 ක් වේ.

පරමාණු උදාසීන නිසාත් පරමාණුව තුළ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තිබෙන නිසාත් ඒවා තුළ ධන ආරෝපිත අංශු විශේෂයක් පැවතිය යුතු බව ප්‍රකාශ කල රදර්ෆර්ඩ් එම අංශු විශේෂය ප්‍රෝටෝනය ලෙස හැඳින්වීය. ගෝල්ඩ්ස්ටයින්ගේ ධන කිරණ පරීක්ෂාව මඟින් ප්‍රෝටෝනය අනාවරණ කරගත හැකි විය.

ගෝල්ඩ්ස්ටයින්ගේ ධන කිරණ  පරීක්ෂාව

Anode Rays

මෙහිදීත් පෙර පරිදිම පරීක්ෂණ්‍ය කරන නමුත් සිදුරු සහිත කැතෝඩයත් භාවිතා කරනු ලැබේ. එවිට කැතෝඩය දෙසින් ඉලෙක්ට්‍රෝන නිකතු වී ඇනෝඩය දෙසට ගමන් කරන අතර ඇනෝඩයෙන් නිකුත් වන ධන කිරණ කැතෝඩයේ සිදුරු තුලින් බිත්තයේ කෙළවරට රැස් වේ. මෙම ධන කිරණ වල ගුණ ලෙස සරල රේඛීයව ගමන් කිරීම, ධන ආරෝපිත වීම, යාන්ත්‍රික බලයක් යෙදිය හැකි වීම සහ e/m අනුපාතය නලය තුල වායුවෙන් ස්වායත්ත වීම මෙම පරීක්ෂණය මඟින් සොයා ගත්තේය.

නලය තුල හයිඩ්‍රජන් වායුව යොදාගත් විට මෙම ධන කිරණ සෑදී ඇත්තේ H+ අයන වලින් බව පැහැදිලි විය. මෙම අංශූ වල ස්කන්ධය සහ e/m අනුපාතය ඉලේක්ට්‍රෝනයට සාපේක්ෂව ඉතා විශාල බවද පැහැදිලි විය. මෙය ප්‍රෝටෝනය ලෙස අනාවරණය කර ගැනුණි.

මීට අමතරව පරමාණූවේ න්‍යෂ්ටිය තුළ නියුට්‍රෝන, මීසෝන, පොසිට්‍රෝන ලෙස උප පරමාණුක අංශූ රාශියක් අඩංගු බව පසු කාලීන විද්‍යා[වන් විසින් අනාවරණය කර ගත්හ. ෴

ලිව්වේ ශිරෝෂන් රන්දික.

කැටායන කාණ්ඩ විශ්ලේෂණය
ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා  s, p  හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් වලදී එක් එක් ප්‍රතිකාරක යොදා වර්ණවත් සංයෝග අවක්ෂේප කර ගනු ලැබේ. එවිට ලැබෙන වර්ණය අනුව ලෝහ කැටායනය කුමක්ද යන්න පිළිබඳව නිගමනයකට පැමිණේ. එම පියවර අනුව කැටායන කාණ්ඩ 5ක් පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

පළමු පියවර

කැටායන මිශ්‍රණයට ජලය සහ සිසිල් තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය(HCl ) එක් කරනු ලැබේ. එවිට සුදු පාට ක්ලෝරයිඩ ලෙස ලෝහ කැටායන 3ක් අවක්ෂේප වේ. එනම් AgCl, PbCl2 සහ Hg2Cl2 යන අවක්ෂේප වේ. ඒවා පළමු කාණ්ඩයේ කැටායන ලෙස හඳුන්වයි.

දෙවන පියවර

පෙර ද්‍රාවණය පෙරා අවක්ෂේප ඉවත් කර ගනු ලැබේ. ඉන්පසු ඉතුරු ද්‍රාවණයට පළමුව 0.2M-0.3M අතර සාන්ද්‍රණයක් ඇති HCl යොදා දෙවනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H2S) වලින් ද්‍රාවණය බුබුලනය කර ගනු ලැබේ. H2S සල්පර්කාරකයක් බැවින් ද්‍රාවණයට සල්ෆයිඩ් අයන ලබා  දී ලෝහ කැටායන සල්ෆයිඩ ලෙස අවක්ෂේප කරවයි. මෙවිට වර්ණ 3ක් යටතේ සල්ෆයිඩ 9ක් අවක්ෂේප වේ. ඒ යටතේ කළු පාටින් CuS, PbS, HgS, Bi2S3 යන සල්ෆයිඩ අවක්ෂේප වේ. SnS2, As2S3, CdS යන සල්ෆයිඩ කහ පාටින් අවක්ෂේප වේ. තවද SnS දුඹුරු පැහැයටත් Sb2S3 තැඹිලි පහැයටත් අවක්ෂේප වේ. මේවා දෙවන කාණ්ඩයේ ලෝහ කැටායන ලෙස හඳුන්වයි.

තෙවන පියවර

පෙර ද්‍රාවණයේ අවක්ෂේප පෙර ඉවත් කරගනු ලැබේ. ඉන්පසු ඉතුරු ද්‍රාවණය හොඳින් රත් කර දියවී ඇති H2S වායුව ඉවත් කර ගනු ලැබේ. දෙවනුව තනුක නයිට්‍රික් අම්ලය (HNO3) දමා රත් කරනු ලැබේ. එමඟින් ද්‍රාවණයේ Fe2+ අයන Fe 3+ බවට ඔක්සිකරණය කරවීමට බලාපොරොත්තු වේ. තෙවනුව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් (NH4OH) සමඟ ඇමෝනියම් ක්ලෝරයිඩ් (NH4Cl) ද්‍රාවණයට එක් කරනු ලැබේ. එවිට හයිඩ්‍රොක්සයිඩ 3ක් අවක්ෂේප වේ. Al(OH)3 සුදු පාට ජෙලටීනිමය ස්වරූපයකින්ද Fe(OH)3 කහ දුඹුරු පැහැයකින්ද Cr(OH)3 කොළ පැහැයකින්ද අවක්ෂේප වේ. මේවා තෙවන කාණ්ඩයේ ලෝහ කැටායන ලෙස හැඳින්වේ.

සිව්වැනි පියවර

නැවත අවක්ෂේප පෙරා ඉවත් කර ඉතුරු ද්‍රාවණය NH4OH වලින් භාෂ්මික කර නැවත H2S බුබුලනය කරනු ලැබේ. H2S සල්පර්කාරකයක් බැවින් සල්ෆයිඩ අයන ලබාදෙමින් ලෝහ සල්ෆයිඩ 4ක් අවක්ෂේප කරවනු ලබයි. CoS සහ NiS කළු පාටින්ද MnS රෝස පාටින්ද ZnS සුදු පාටින්ද අවක්ෂේප වේ. මේවා හතරවැනි කාණ්ඩයේ ලෝහ කැටායන වේ.

පස්වැනි පියවර

පෙරා ඉවත් කරන ලද ද්‍රාවණයට ඇමෝනියම් කාබනේට් [(NH4)2CO3] එකතු කරනු ලැබේ. එවිට සුදු පැහැති කාබනේට 3 ක් අවක්ෂේප වේ. ඒවා නම් CaCO3, BaCO3 සහ SrCO3 වේ.

මෙසේ සියලු අවක්ෂේප පෙරා ඉවත් කිරීමෙනුත් පසු ද්‍රාවණයේ තවදුරටත් ලෝහ කැටායන ඉතුරු වේනම් ඒවා Na+, K+ සහ Mg2+ යන ලෝහ අයන බව නිගමනය කළ හැක.

ඒ වගේම මෙහිදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිපද වීමට ෆෙරස් සල්ෆයිඩ් සමඝ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරවනු ලැබේ.

මීට අමතරව රසායන විද්‍යාවේදී හමුවන බොහෝ සංයෝග වල වර්ණ පිළිබඳව චතුර නුවන් සොයුරා විස්න් රචිත වර්ණවත් රසායනය ලිපිය පිරික්සීමෙන් දැන ගත හැකියි.

පහත වීඩියෝ පටයේ කැටැයන විශ්ලේෂණය පරිගණක සජීවිකරණයක් ඇසුරෙන් ඉදිරිපත්කර ඇත. මෙම වීඩියෝපට‍ය විද්‍යාභිමානි-2009 වෙනුවෙන් පසත් සමරවීර සොයුරා විසින් නිර්මාණය කරන ලද්දකි. එහි නිර්මාපක අයිතිය ඔහු සතු වේ.

<object style="height: 390px; width: 640px;" width="350" height="150" classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowScriptAccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/g24OaeacUmM?version=3" /><param name="allowfullscreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><embed style="height: 390px; width: 640px;" width="300" height="150" type="application/x-shockwave-flash" src="http://www.youtube.com/v/g24OaeacUmM?version=3" allowFullScreen="true" allowScriptAccess="always" allowfullscreen="true" allowscriptaccess="always" /></object>

ලියූවේ ශිරෝෂන් රන්දික

සාපේක්ෂ චලිතය
භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු.  භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය යනුවෙනි. වස්තුවක භෞතික අවකාශය යනු එම වස්තුවේ ස්පර්ශ කළ හැකි ප්‍රදේශයයි. වස්තුවක විස්තෘත අවකාශය යනු එහි භෞතික අවකාශය හැර ඉතුරු සියලුම අවකාශයයි.

සමුද්දේශ රාමුව

සාපේක්ෂ චලිතය තේරුම්ගැනීමට වස්තුවක සමුද්දේශ රාමුව වැදගත් වේ. වස්තුවක භෞතික අවකාශයත් විස්තෘත අවකාශයත් භෞතික අවකාශය මත අචලව ඇති නිරීක්ෂකයාද නිරීක්ෂකයාගේ ඇසෙහි අර්ථ දක්වන ලද ත්‍රිමාන අක්ෂ පද්ධතියක් යන සියල්ලටම වස්තුවක සමුද්දේශ රාමුව යැයි කියනු ලැබේ.

සමුද්දේශ රාමුව

මෙහිදී නිරීක්ෂකයාගේ ඇස මඟින් ත්‍රිමාන අවකාශ‍යේ කාලයට අනුරූපව වස්තූන්ගේ චලිතය නිරීක්ෂණය වේ. ඉහත රූප සටහනට අනුව A වස්තුව මත සිටින නිරීක්ෂකයා ඇස (O) B වස්තුවේ P නම් ලක්ෂ්‍යයක් නිරීක්ෂණය කරයි. කාලයත් සමඟ A හා B වස්තු OP පිහිටුම් දෛශිකය(විස්ථාපනය) වෙනස් වීම මඟින් නිරීක්ෂකයා B චලිත වන බව අවබෝධ කර ගනී. එනම් OP යනු A හි සමුද්දේශ රාමුවට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය වේ. නමුත් නිරික්ෂකයා A සමුද්දේශ රාමුව තුල සිටින බැවින් A වස්තුවේ චලිතය නොපෙනේ. නිරික්ෂකයා සිටින සමුද්දේශ රාමුවේ වස්තූන් නිශ්චල බව පෙනේ. එනම් සියලුම චලිත එම චලිත නිරීක්ෂණය කරනු ලබන්නාට සාපේක්ෂ වේ. එක් එක් නිරීක්ෂකයාට අනුව චලිතය නිරීක්ෂනය වන ආකාරය වෙනස් වේ.

මෙසේ කාලය සමඟ  OP පිහිටුම් දෛශිකයේ (සාපේක්ෂ විස්ථාපනය) වෙනස්වීම එම වෙනස්වීමට ගත වූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී සාපේක්ෂ විස්ථාපන වෙනස් වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ප්‍රවේගය ලැබේ. නැවත සාපේක්ෂ ප්‍රවේග වෙනස්වීම එම වෙනසට ගතවූ කාලයෙන් බෙදීමෙන් ඒකක කාලයකදී ප්‍රවේග වෙනස්වීම හෙවත් මධ්‍යක සාපේක්ෂ ත්වරණය ලැබේ.

මෙසේ සාපේක්ෂ විස්ථාපන මූලධර්මය ආධාරයෙන් වස්තු දෙකක චලිතයන් සමුද්දේශ රාමු 3ක් හා සම්බන්ධ කර පහත පරිදි දැක්විය හැක.

ලිව්වේ ශිරෝෂන් රන්දික

සදාකාලික යොවුන් බව මිනිස් දිවියට උදාවේද?
සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ.

ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනයක් පාවිච්චි කළ විද්‍යාඥයෝ එමඟින් විද්‍යාගාරයක් තුළදී මනුෂ්‍ය සෛලයක ආයුෂ පුදුම සහගත ලෙස වැඩි කළහ.මේ රසායනයම යෙදා අපේ සිරුරේ අග පසග ඇට නහර සම් මස් ලේ ඇතුළු මේ සියල්ල තැනී ඇති සෛල අමරණීය කළ හැකිද? මහලු වීම බාල කළ හැකිද? මිනිස් ආයුෂ දික්කරවිය හැකිද?මේ ආදී වශයෙන් කුතුහලය දනවන ප්‍රශ්න රාශියක් පර්යේෂණය නිසා පැන නැංගේය.

තරුණ සෛලවල දක්නට ඇති අසාමාන්‍ය රසායන ද්‍රව්‍යක් මඟින් සෛල මහලු වීමට එරෙහිව ආරක්ෂාව සපයන බවට බොහෝ කාලයක් තිස්සේ තිබූ සැකය ඇත්තක් බව මේ පර්යේෂණයෙන් ඔප්පු විය.මේ රසායන වර්‍ගය වැඩිහිටි සෛලවල බොහෝවිට දක්නට නොලැබේ.එහෙත් මහලු වීගෙන යන මිනිස් සෛලවලට මේ රසායනය එක්කළ  විට තිරිහන් බවට පත් ඒ සෛල තරුණ ඕජයෙන් පිරී ඉතිරී ගියේය.

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ නිරිතදිග වෛද්‍ය මධ්‍යස්ථානය සමග එක්ව මෙම සාර්ථක පර්යේෂණ කලේ කැලිෆෝනියාවේ ජීව තාක්ෂණ සමාගමක් වු “ජෙරෝන් කෝපරේෂන්”ය.

“ශරීරයේ ඇති වන ජීව විද්‍යාත්මක මහලු වීම නතර කළ හැකි බව අපි සොයා ගත්තෙමු”යයි පිරික්සුම ගැන උදම් අනන නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජෙරී ෂේ පවසයි.

ශරීරයේ ‍සෛල සදාකාලිකව තරුණ බවින්පැවතිය යුතු නම් ඒවා බෙදි බෙදී පැවතිය යුතුය.මෙසේ විද්‍යාගාරයක පිරික්සුම් තලියක් තුළ සදාකාලිකව බෙදෙමින් පවත්නා සෛල ඇති කිරීමත් ශරීරයේ ආයුෂ වැඩිකිරීමත් අතර මහත් වෙනසක් ඇතැයි පර්යේෂණ ප්‍රතිඵල වලින් උද්දාම නොවූ පිරිසක් පැවසූහ.සදාකාලිකව බෙදෙමින් පවතින යෞවන ගුණය ඇති භයානක ස්ථානයක් නම් පිළිකා සෛලය.ඒ නිසා මේ රසායනය මඟින් පිළිකාවලටත් මඟක් කැපේද කියා ඇතැමෙක් බිය පළ කළහ.

සදාකාලික යෞවනය පිළිබඳව මේ උද්යෝගය පැන නැංගේ මිනිස් ශරීරයේ සෛල තුළ ඇති අණුක ව්‍යුහයක් වූ ටෙලොමෙරස් නිසාය.මිනිස් සෛලයක් තුළ ඇති ක්‍රොමසෝම 46 අග,සපත්තු ලේස් පටියක් අග ඇති ප්ලාස්ටික් අන්තය වැනි ස්වරූපයෙන් මේවා පිහිටා තිබේ. ක්‍රොමසෝම වල අග ගෙවී යාම වළකින්නේ මේවා නිසාය.සෛලයක් බෙදෙන හැම වාරයකදීම ටෙලොමෙරස් කොට වෙයි.තරුණ සෛලවල නම් මේ ටෙලොමෙරස්(Telomeres) නම් කොටස ටෙලොමරේස්(Telomerase) නම් රසායන ද්‍රව්‍යක් නැත්නම් එන්සයිමයක් නිසා නැවත වැඩෙයි.එහෙත් මහලු සෛලවල මේ ටෙලොමරේස් නම් එන්සයිමය නැත.එය නැති විට සෛල බෙදීමක් සිදුවන හැම වාරයකදීම ටෙලො‍මෙරස් කොට වෙයි.මේ කොටවීම ඔරලෝසුවක් මඟින් කාලය යන බව කීමක් වැන්න.මේවා කොතරම් කොට වන්නේදැයි කිවහොත් සෛලයේ ක්‍රොමසෝම පැටලී එය බෙදීම නවතී.වෘධභාවයට පත්ව ක්‍රමයෙන් මරණය බලා ගමන් අරඹයි.

මහලු වියට පත්වන මිනිස් සෛලවලට යළිත් ටෙලොමරේස් එන්සයිමය නිපදවීමේ හැකියාව ඇති කළ හැකිනම් ඒවා මියයාම නතර කරවිය හැකිබව බොහෝ කාලයක් තිස්සේ විද්‍යාඥයෝ පළ කළහ.

විද්‍යාගාර තලිවල රෝපිත මිනිස් සෛල වර්ග තුනකට ටෙලොමරේස් යෙදූවිට ඒවා බෙදී අලුත්වන නිශ්චිත කාලයේදී ඒ ක්‍රියාමාර්ගය නතර නොවී දිගටම එය පැවතියේය.නිරිතදිග ටෙක්සාස් වෛද්‍ය මධ්‍යස්ථානය වෙනුවෙන් මේ පරීක්ෂණය මෙහෙයවන ලද්දේ ජෙරී ඩබ්ලිව්.ෂේ සහ වුඩ්රිංග් රයිට්ය.ජෙරෝන් කෝපරේෂන් වෙනුවෙන් පර්යේෂණය භාරව කටයුතු කලේ ඇන්ඩ්‍රියා බොඩ්නාර් මයිකල් ඕලට් සහ කැල්වින් බී.හාලිය.

“මේ සෛල අමරණීයභාවයට පත්කොට ඇතැයි අපි සැක කරමු”යි රයිට් උදම් වෙමින් පැවසුවේය.වයසට යාම තුළ සෛල වෘධභාවයට පත්වීමට වඩා වැඩි දෙයක් ඇතිබව කී රයිට් ඇතැම් ඉන්ද්‍රියයන් අනාගතයේදී තාරුණ්‍යයෙන් තබන්නට ටෙලොමරේස් විදීමෙන් හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප්‍රකාශ කලේය.එහෙත් ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියා කරන්නේ එකම ආකාරයෙන් නොවේ.

මේ නව සොයාගැනීම නිසා සෞඛ්‍ය තත්වය ඉහලින් තබන්නටද ඒ මඟින් ආයුෂ වැඩි කරන්නටද පුළුවන් වනවා සිකුරුයි යන්න ඔහු ප්‍රකාශ කළේය.

ඒත් ටෙලොමරේස් නිසා පිළිකා රෝගය ඇතිවෙයිද?

ජෙරෝන් කෝපරේෂන්හි කැල්වින් හාලි නම් විද්‍යාඥයා කියන්නේ පිළිකා සෛල ඇතිවූ පසුව එය පැවැත්වීමට මිස ඇතිවීමට ටෙලොමරේස් හේතු නොවන බවයි.ඇත්තවශයෙන්ම ටෙලොමරේස් ඇද්දැයි කෙරෙන පරීක්ෂණ මඟින් පිළිකා ඇතිබව සොයාගත හැකිබවද ඔහු පවසයි.මියයන සෛලවලට යොවුන් ඕජයක් දීමෙන් නව ජීවනයට පත්කිරීමට සිදුකෙරුණු මේ සාර්ථක පර්යේෂණය හේතු කොටගෙන අනාගතයේදී මහලුවීමත් සමඟ ඇතිවන හම ඇකිලීම,ඇස් පෙනීම බාලවීම,රුධිර ධමනීන් ගල්වී ඇතිවන වාහිනී රෝගවලට පමණක් නොව පිළිකාවලට පවා පිළියම් සෙවීමට හැකිවනු ඇතැයි වෛද්‍ය විද්‍යාඥයෝ විශ්වාස කරති.

මේ ක්‍රමය යොදා ගනිමින් පිළිස්සුම් තුවාල ලත් රෝගීන්ට ඔවුන්ගේම සෛල ගෙන අලුත් සමක් සාදාගත හැකි යයිද ඔවුහු විශ්වාස කරති. ටෙලොමරේස් නිපදවීම අත්හිටවන බේත් සොයාගැනීමෙන් පිළිකාවලට සාර්ථක ඖෂධයක් සාදාගත හැකි යයිද ඔවුහු සිතති.

අමරණීයත්වය සෙවීමට ඉතිහාසය පුරා ඇල්කෙමිස්ට් නම් ආදී රසායන විද්‍යාඥයෝද,ගවේෂකයෝද,ගූඪවාදීහූද තැත් කළහ.අනාගතයේදී විද්‍යාඥයෝ එය සොයාගනීද?

By Rajith Sameera

නිනිති තාක්ෂණය
වර්තමානයත් අනාගතයත් වෙන් කරන අලුත්ම තාක්ෂණය නිනිති තාක්ෂණය (Nano Technology) වේ. නැනෝ යනු 10-9m පරාසයේ පවතින මිනුමකි. එම 10-9m පරාසයේ පවතින අංශූන් සමඟ සබැඳුණු කටයුතු සිදු කිරීම නානෝ තාක්ෂණ ‍ය ලෙස හැඳින්විය හැක.

නැනෝ අංශූන් සමඟ අප කටයුතු කිරීමේදී ඒවා සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලට යටත් නොවේ. එයට හේතුව සාමාන්‍යයෙන් අංශුන්ගේ ප්‍රමාණය කුඩා වෙත්ම සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් වෙනස් වී හැසිරීමට පටන්ගැනීමයි. මෙහිදී නැනෝ තාක්ෂණය 10-9m පරාසයට පැමිණෙන විට ඒවායේ හැසිරීමේ සිදුවන ප්‍රධාන වෙනස්කම් ලෙස ක්වොන්ටම් ආචරණය(Quantum effect) මතුවීම දක්නට පුළුවන. මෙම හැසිරීම් පිළිබඳව අධ්‍යයනයට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නියමයන් යොදා ගත යුතුයි. එම නිසා නැනෝ තාක්ෂණය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හා බැඳුණු අංගයක් ලෙස හැඳින්වීමට හැකි වේ. නැනෝ පරිමාණයට පිවිසෙන විට එහි ප්‍රතික්‍රියාකාරීත්වයද ඉතා ඉහළ මට්ටමක් ගනී.

නැනෝ තාක්ෂණය පිළිබඳ මුලින්ම අදහසක් ඉදිරිපත් කරන ලද්දේ 1959 දෙසැම්බර් 29 දින ඇමෙරිකානු භෞතික විද්‍යා සංගමය මඟින් පැවැත් වූ රැස්වීමකදී දේශනයක් ඉදිරිපත් කළ රිචඩ් ෆයිමාන්(Richard Feynman) නැමැති භෞතික විද්‍යාඥයා විසිනි. නොබෙල් ත්‍යාගලාභියෙකු වන මොහුගේ මාතෘකාව වී තිබුණේ “අප දන්නා විද්‍යාත්මක සී‍මාවෙන් ඔබ්බට තවත් බොහෝ දේ ඇති බව යන්න වේ. මෙහිදී ඔහු ලෝකයට නැනෝ තාක්ෂනය පිළිබඳ යම් ඉඟියක් ලබා දුන්නේය.

Richard Feynman

වර්තමානයේ නැනෝ අංශු ‍වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. නැනෝ තාක්ෂණයේ සොයාගැනීම් රාශියක් ඇති අතර ඒ අතුරින් වැදගත් සොයාගැනීම් දෙක ලෙස Quantum Dots සහ Nano tubes හඳුන්වාදිය හැක.

Quantum Dots යනු දැනට ලෝකයේ භාවිතා වන තාක්ෂණයකි. මෙහිදී අප දන්නා විභව ළිඳ(Potential Well) තුලට නැනෝ පරිමාණික අංශුන් ඇතුළු කර මෙය නිර්මාණය කර ගනී. මෙය සාමාන්‍ය ක්වොන්ටම් ළිඳකට වඩා සිය දහස් ගුණයකින් ප්‍රබල වේ. මේවා භාවිතා කර දුබල සංඥා වර්ධනය කර අති ප්‍රබල සංවේදක(Sensor) නිර්මාණය කළ හැකියි.

Quantum Dot

තවද Nano tube යනු ඉතා ඉහළ මට්ටමේ සොයාගැනීමකි. කාබන් පරමාණුවක ඝනකම තිබෙන ස්ථරයක් නැනෝ මීටර කිහිපයක් විෂ්කම්භය තිබෙන සිලින්ඩරයක් ලෙස සාදාගත් විට නානෝ නලයක් ලැබේ. මෙහි දිග අවශ්‍ය පමණට සකස් කර ගත හැකියි. මෙම සිලින්ඩරයේ භෞතික මිනුම වෙනස් කරන විට භෞතික ගුණද වෙනස් වේ. උදාහරණයක් ලෙස පෘෂ්ඨයේ අණු සැකැස්ම වෙනස් කළ විට එය සන්නායක ගුණ දක්වයි. තවත් වෙනස්කම් සිදු කළ විට අර්ධ සන්නායක, පරිවාරක ගුණ පෙන්වයි. එසේම මෙම සිලින්ඩරය තුල ද්‍රව්‍ය රඳවා ගත හැකියි. එමෙන්ම මෙම සිලින්ඩරය, විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්භක ක්ෂේත්‍ර යොදාගෙන චලනයන්ට භාජනය කළ හැකියි.

Nano tubes

Nano motor

වර්තමානය වන විට නැනෝ තාක්ෂණය ලොව සෑම ක්ෂේත්‍රයකම අණසක පතුරුවාගෙන සිටී. ඒවායින් කිහිපයක් නම් අභ්‍යාවකාශ ක්ෂේත්‍රය, රොබෝ තාක්ෂනය, ප්‍රවාහන ක්ෂේත්‍රය, රෙදිපිළි කර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ න්‍යෂ්ටික විද්‍යාව වේ.

නැනෝ තාක්ෂනය භාවිතා කර අධි බලැති අභ්‍යාවකාශ නිරීක්ෂන දුදක්නද අභ්‍යාවකාශ සංවේදකද නිර්මාණය කර තිබේ. එලෙසම වෛද්‍ය විද්‍යාවේදී අති ප්‍රබල IR සංවේදක යන්ත්‍ර මඟින් සාමානය සංවේදක වලින් නිරීක්ෂනය කළ නොහැකි සෛල හා පිළිකා සෛල අතර ඇති කුඩා උෂ්ණත්ව වෙනස පැහැදිලිව දැක ගත හැකියි.

තවද අප දන්නා ආකාරයට ප්‍රබල ඖෂධ ශරීරයට අහිතකර වේ. මෙයට පිළියමක් ලෙස තුල පෙර කී ඖෂධය තැන්පත් කර විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මඟින් රුධිර නාල දිගේ අවශ්‍ය තැනට යොමුකර ඖෂධය මුදා හැරීම සිදු කරනු ලැබේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස ලෝක වෛද්‍ය විද්‍යාව පිළිගෙන ඇත.

තවද නැනෝ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇති රෙදිපිළි දුව්‍යද ඇත. මෙහි අංශු 10-9m ප්‍රමාණය බැවින් ජල අංශු වලට රෙදි අංශු තුලින් ගමන් කිරීමට නොහැකි වේ. මෙවිටශරීරය තෙමීමක් සිදු නොවේ. තවද දූවිලි අංශු පවා ගමන් කර නොහැකි වේ. මේ හේතුවෙන් රෙදි පිරිසිදු කිරීමක් අවශ්‍ය නොවේ.

මෙවැනි ඉතා විශාල ප්‍රමාණයක් පුරා වර්තමානයේ නැනෝ තාක්ෂනය ගමන් කර ඇත. ඉහත කී කරුණු වලට අමතරව තව බොහෝ කරුණු නැනෝ තාක්ෂණය හා සම්බන්ධ වේ. එම නිසා නැනෝ තාක්ෂණය ඉතා විශාල පරාසයක් පුරා පැතිර යන්නක් වේ.

By Supun Prabhath

පරමාණුවක සැකැස්ම
මෙයට පෙර අප පරමාණුක වාදය, පරමාණුවේ ව්‍යුහය සහ ඒවා සම්බන්ධ විවිධ වාදයන් සාකච්ඡා කළා. දැන් අප දන්නවා පරමාණුව යනු මධ්‍යයේ වූ න්‍යෂ්ඨිය වටා ඇති ඉලෙක්ට්‍රෝණවලින් සමන්විත ව්‍යුහයක් බව. මේ න්‍යෂ්ඨියත් ඒ වටා ඇති ඉලෙක්ට්‍රෝණත් නිසා මූලද්‍රව්‍යවලට විවිධ ගුණාංග ලැබෙනවා. ආගන් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයක් වන්නේත් පොටෑසියම් අධික ලෙස ක්‍රියාකාරී වන්නේත් මේ පරමාණු වල සිදු වන සුළු වෙනස්කම් නිසා. මේ වෙනස්කම් බොහොමයකට බලපාන්නේ පරමාණුවේ අඩංගුවන ඉලෙක්ට්‍රෝණයි. මෙම ඉලෙක්ට්‍රෝණ පරමාණුක න්‍යෂ්ඨිය වටා ඇසිරී ඇති ආකාරය එක් එක් ඉගෙනුම් තත්ත්‍ව අනුව විවිධාකාරයට විග්‍රහ කරනු ලබනවා. ඔබේ මට්ටමේ දී දේ ඉලෙක්ට්‍රෝණ වලාව විවිධ ශක්ති මට්ටම් අනුව සකස් වී ඇති බවයි පැහැදිළි කෙරෙන්නේ. ඒ නිසා ඒ මතයේ පිහිටා අපි ඒ ගැන කතා කරමු.

මෙසේ සකස් වී ඇති ඉලෙක්ට්‍රෝණ මුලින්ම කවච වලට බෙදෙනවා. මේවා ප්‍රධාන ක්වොන්ටම් අංකය, n = 1, 2, 3, 4, 5, ආදී ලෙස නම් කෙරෙන අතර K, L, M, N, O යනුවෙන් අකුරු දී තිබෙනවා. ප්‍රධාන කවච (නැත්නම් කක්‍ෂ) වලට ඉලෙක්ට්‍රෝණ අනුයුක්ත කෙරෙන්නේ ඒ ආකාරයටයි. මේ ප්‍රධාන කවච, නැවත වතාවක් උප කවච නොහොත් කාක්‍ෂික වලට බෙදෙනවා. s, p, d, f, g, h,  යනුවෙන් බෙදෙන්නේ ඒ අනුව. මේ ප්‍රධාන ක්වොන්ටම් අංක මුලින්ම සඳහන් වෙන්නේ බෝර් ආකෘතියේදීයි, එහි අපි කතා කළා ඉලෙක්ට්‍රෝණ වෘතාකාර කක්‍ෂයක ගමන් කරන බව. මෙම අංකය යනු න්‍යෂ්ඨියේ සිට ඉලෙක්ට්‍රෝණය ඇති ස්ථානයට ඇති සාමාන්‍ය දුරයි. සමාන n අගයයන් ඇති සියළුම ඉලෙක්ට්‍රෝණ න්‍යෂ්ඨියේ සිට යම් දුරකින් චලනය වනවා, මේ නිසා මේවා කවච (Shell) ලෙස හඳුන්වනවා.

බෝර් ආකෘතිය පදනම් වන්නේ හයිඩ්‍රජන් වර්ණාවලිය ආශ්‍රිත කරගෙනයි. පහත දැක්වෙන්නේ හයිඩ්‍රජන් අවශෝෂක (Absorption) සහ විමෝචන (Emission) වර්ණාවලීන් දෙකක රූප සටහනක්. මෙහි අවශෝෂක වර්ණාවලියේ කළු පැහැති රේඛා ලෙස ‍පෙනෙන්නේ ආලෝකයෙන් හයිඩ්‍රජන් පරමාණු ශක්තිය උරාගැනීමේ අවස්ථාවයි. මේ නිසා වර්ණාවලියේ හිදැසක් ඇති වෙනවා. එය කළු පැහැ රේඛාවක් ලෙස දිස් වෙනවා. මෙහිදී සිදු වන්නේ මුලින්ම ශක්තිය අවශෝෂණය කරගත් ඉලෙක්ට්‍රෝණ විවිධ ශක්ති මට්ටම් වලට ගමන් කිරීමයි.  උදාහරණයක් වශයෙන්, n=1 කවචයේ ඇති ඉලෙක්ට්‍රෝණයක් n=2 කවචයට පැනීමේ දී අවශෝෂණය වන ශක්තිය ලයිමාන් ශ්‍රේණියේ (Lyman Series) රේඛා වලින් දැක්වෙනවා. මෙම වර්ණාවලී රේඛා නම් කර ඇත්තේ විමෝචනයකදී රිඩ්බර්ග් සූත්‍රයේ n1 පදය නොහොත් අවසානයට ඉලෙක්ට්‍රෝණය නවතින ශක්ති මට්ටම පදනම් කරගෙනයි. රිඩ්බර්ග් සූත්‍රයට පදනම් වී ඇත්තේ අප මුලින් සාකච්ඡා කර බෝර් ආකෘතියයි. එහි හයිඩ්‍රජන් පරමාණුවක ඇති එකම එක ඉලෙක්ට්‍රෝණය විවිධ ශක්ති මට්ටම්වලට පැනීමේදී අවශෝෂණය වන සහ එය නැවත පහළ ශක්ති මට්ටම්වලට පැමිණීමේදී විමෝචනය වන ශක්තිය ගණනය කිරීම සඳහා යොදා ගැණුනක්.

මෙහි R = 1.097373 x 107 m-1

n1

n2

ශ්‍රේණියේ නම

අභිසරණය වන තරංග ආයාම   කලාපය (nm)

1

2→∞

ලයිමාන්

91.13  (UV)

2

3→∞

බාමර්

364.51   (Visible)

3

4→∞

පාෂාන්

820.14 (IR)

4

5→∞

බ්‍රැකට්

1458.03  (IR)

5

6→∞

ෆුන්ඩ්

2278.17  (IR)

6

7→∞

හම්ෆ්‍රීස්

3280.56  (IR)

ලයිමාන් ශ්‍රේණිය එය සොයාගත් තියඩෝර් ලයිමාන් නමින් නම්කර තිබෙනවා. ඔහු එය සොයා ගත්තේ 1906 – 1914 අතර කාළයේදීයි. ලයිමාන් ශ්‍රේණියේ සියළුම තරංග ආයාමයන් පාරජම්බුල කිරණ කලාපයට අයත් වෙනවා.

මෙසේම බාමර් ශ්‍රේණිය වන්නේ දෙවන කවචයේ (n=2) ඇති ඉලෙක්ට්‍රෝණ තෙවන හෝ ඊට ඉහළ ශක්තිමට්ටම් වලට ගමන් කර ආපසු පැමිණීමේදී විමෝචනය කරන ශක්තිය අනුව සැකසෙන වර්ණාවලි රේඛා වලිනි.

ඒ අනුව ඔබට වැටහෙනවා ඇති පරමාණුවක ඉලෙක්ට්‍රෝණ විවිධ ශක්ති මට්ටම්වල පවතින බව.

මේ ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝණ විවිධ උපශක්ති මට්ටම් වලට බෙදෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

(ඉහළ) හයිඩ්‍රජන් අවශෝෂණ වර්ණාවලිය | (පහළ) හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය

By Dr. Piyal Ariyannada

විද්‍යුත් චුම්භක වර්ණාවලිය
පසුගිය ලිපි වලින් අප විවිධ කිරණ වර්ග හඳුනාගනු ලැබුවා ඔබට මතක ඇති. මේ කිරණ බොහොමයක් විද්‍යුත් චුම්භක වර්ණාවලියට අයත් වෙනවා. කුමක්ද මේ විද්‍යුත් චුම්භක වර්ණාවලිය කියන්නේ?

විද්‍යුත් චුම්භක වර්ණාවලිය(Electromagnetic Spectrum) කියන්නේ විද්‍යුත් චුම්භක විකිරණයන් ඒවායේ ශක්තිය, සංඛ්‍යාතය, සහ තරංග ආයාමය අනුව පිළියෙල කළ වගුවක්. මෙය ගැමා කිරණවල සිට රේඩියෝ තරංග දක්වා පරාසයක විහිදෙනවා. ගැමා කිරණ ඉතා කෙටි තරංග ආයාමයක් ඇති අතර ඉහළ ශක්තියක් දරනවා.

විද්‍යුත් චුම්භක වර්ණාවලිය (Electromagnetic Spectrum)

මෙහිදී අපට වඩාත් වැදගත් වන්නේ එක්ස් කිරණ සිට අධෝරක්ත කිරණ දක්වා පරාසයයි.

එක්ස් කිරණ – X-rays

ඔබ දැනටමත් දන්නවා එක්ස් කිරණ පිළිබඳව.  එක්ස් කිරණ වල තරංග ආයාමය නැනෝමීටර 0.01 ත් 10ත් (0.01 – 10 nm) අතර පරාසයක පවතින අතර ඉලෙක්ට්‍රෝණ වොල්ට් 120 සිට ඉලෙක්ට්‍රෝණ කිලෝවොල්ට් 120 (120 eV – 120 keV) අතර පවතී. විවිධ අවශ්‍යතා අනුව එක්ස් කිරණවල තරංග ආයාමය වෙනස් කර භාවිතයට යොදාගනී. උදාහරණයක් ලෙස දැනට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ගුවන් තොටුපලවල ශරීර පිරික්සීමේ උපකරණය ඉතා මෘදු සහ ශක්තිය අඩු එක්ස් කිරණ භාවිතා කරන අතර, සංයෝගවල ව්‍යුහයන් නිර්ණය කරන එක්ස් කිරණ ස්ඵටික විද්‍යාවේදී  දෘඪ එක්ස් කිරණ භාවිතා කෙරෙනවා. එක්ස් කිරණවල වෙනත් උපයෝගීතා වන්නේ තාරකා විද්‍යාව, එක්ස් කිරණ අන්වීක්‍ෂ, කර්මාන්ත ශාලාවල භාණ්ඩවල පළුදු පරීක්‍ෂාව, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය, විවිධ සියුම් කලා නිර්මාණවල සංයුතීන්, නිරවද්‍යතා ආදිය නිර්ණය, එක්ස් කිරණ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝණ වර්ණාවලීක්‍ෂණය (X-ray Photoelectron Spectroscopy) ආදී දෑ වලටයි.

පාරජම්බුල කිරණ (Ultra Violet Rays)

පාර ජම්බුල කිරණ බොහෝ දෙන දන්නේ UV කිරණ ලෙස. පාරජම්බුල යනු දම් පැහැයෙන් ඔබ්බට ඇති කිරණයි. දෘශ්‍ය ආලෝකයේ මුල්ම වර්ණය වන දම් පැහැය සහ  එක්ස් කිරණ අතර ඇති තරංග ආයාම පරාසය මේ යටතට වැටේ. එය නැනෝ මීටර 10 සිට 400 දක්වා පරාසයක විහිදේ. ශක්තිය ඉලෙක්ට්‍රෝණ වෝල්ට් 3 සිට 124 දක්වා පරාසයක ඇත. පාරජම්බුල ආලෝක කිරණ ප්‍රධාන වශයෙන්ම ජනනය වන්නේ හිරුගෙනි. එසේ වුවත් ඕසෝන් ස්ථරය මඟින් පෘථිවියට පැමිණෙන පාරජම්බුල ආලෝක කිරණ වලින් සියයට 97-99 දක්වා ප්‍රමාණයක් වලක්වාලයි. පාරජම්බුල ආලෝක කිරණ වැඩි වශයෙන් භාවිතයට ගැනෙන්නේ රසායන විද්‍යාවේ පාරජම්බුල-දෘශ්‍ය වර්ණාවලි දීප්තමානය (UV-Visible Spectrophotometer) තාරකා විද්‍යාව, අපරාධ විද්‍යාව, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය- විෂබීජ නැසීම, ආලෝක ප්‍රතිකාර, ප්‍රෝටීන සහ ඩී.එන්.ඒ. පිළිවෙල නිර්ණය කිරීමේ පරීක්‍ෂණ; මුදල් නෝට්ටු මුද්‍රණය සහ පරීක්‍ෂණයේදී, ආදී විවිධ ක්‍ෂෙත්‍ර වලයි.

දෘශ්‍ය අලෝකය (Visible Light)

දෘශ්‍ය ආලෝකය නැනෝ මීටර 400 සිට 800 දක්වා පරාසයක විහිදේ.  තරංග ආයාමය අනුව දෘශ්‍ය ආලෝකයේ වර්ණය වෙනස් වේ. තරංග ආයාමය අඩු (ශක්තිය වැඩි) දම් පැහැයේ සිට තරංග ආයාමය වැඩි (ශක්තිය අඩු) රතු පැහැය දක්වා මේ පරාසය දිවේ. මිනිස් ඇසට දැකිය හැකි නිසා මෙම පරාසය දෘශ්‍ය ආලෝකය ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් ලෙස මෙම දෘශ්‍ය ආලෝකය වර්ග කෙරේ. දෘශ්‍ය ආලෝකයේ වර්ණ වලා නිශ්චිත තරංග ආයාමයක් දිය නොහැක්කේ ඒවා පරාසයක් පුරා පැතිර ඇති නිසායි.

අධෝරක්ත කිරණ (Infra-Red)

අධෝරක්ත කිරණ යනු රතු පැහැති ආලෝකයට ඔබ්බෙන් ඇති තරංග ආයාම සමුහයයි. මෙය A, B, සහ C ලෙස වර්ග කර ඇත.

IR – A 700 – 1400 nm

IR – B 1400 – 3000 nm

IR – C 3000nm – 1mm

මෙය මෙසේද වර්ග කළ හැක.

1.සමීප අධෝ රක්ත පෙදෙස (Near IR) – ප්‍රකාශ තන්තු වල ආලෝකය සම්ප්‍රේෂණයට භාවිතා කිරීම

2.කෙටි තරංග ආයාම අධෝරක්ත (Short wavelength IR) – දිගු දුර තරංග සම්ප්‍රේෂණයට

3.මධ්‍යම  තරංග ආයාම අධෝරක්ත (Medium wavelength IR) – Guided missile නොහොත් නියමු මිසයිලවල ඉලක්කය පෙන්වීම සඳහා භාවිතා කරන්නේ මෙම පරාසයයි.

4.ඈත අධෝරක්ත (Far IR) – ලේසර් වල භාවිතා වේ.

ඕනෑම රත් වූ වස්තුවක් අධෝරක්ත කිරණ පිටකරයි. බටහිර ත්‍රාසජනක සිනමා කෘති වල ඇති Heat signature නම් වූ ක්‍රමය, Predator චිත්‍රපටයේ  පිටසක්වල ජීවියා භාවිතා කරන ආලෝක ක්‍රමය ආදිය IR ආලෝකයයි. මෙය සත්‍ය වශයෙන්ම අපරාධකරුවන් ත්‍රස්තවාදීන් ඇල්ලීම සඳහා විවිධ හමුදා- පොලීසි මඟින් සැබෑවටම භාවිතා කරයි.

ඇත්තෙන්ම ඔබ භෞතික විද්‍යාවේදී විද්‍යුත් චුම්භක වර්ණාවලිය පිළිබඳ මෙයට වඩා ගැඹුරුව හදාරනු ඇති.

By Dr. Piyal Ariyannada

වර්නියර් කැලිපරයෙන් දිග මනිමු
අපි දැන් වර්නියර් කැලිපරයෙන් යම් මිනුමක් ලබා ගන්නා ආකාරය ගැන පියවරෙන් පියවර සාක්ච්ඡා කරමු. ප්‍රථමයෙන්ම අප භාවිතා කරන වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම ලබා ගත යුතුයි. කුඩාම මිනුම ලබා ගන්නා ආකාරය පෙර ලිපියේ සඳහන් වේ. ඉන්පසු කැලිපරයේ සර්පණ හනුව අචල හනුව සමඟ ගැටෙන තෙක් තල්ලු කර පාඨාංකය ලබා ගන්න. මේ පාඨාංකය සාමාන්‍යයෙන් ශුන්‍යය වේ. එසේ නොවේනම් ලැබෙන ඒ පාඨාංකය උපකරණයේ මූලාංක දෝෂය ලෙස හැඳින්වේ. ඒසේ මූලාංක දෝෂයක් ඇති වන්නේ දිර්ඝ කාලීනව භාවිතා කිරීමේදී හනු සහ අනෙකුත් කොටස් ගෙවී යාම නිසාය.

දැන් මෙම මූලාංක දෝෂ ගණනය කරන ආකාරය ගැන අධ්‍යයන කරමු. ඒ සඳහා පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.

(1) රූපය - මෙම වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂයක් නොමැත.

ඉහත රූපයේ ආකාරයට අචල හනුව සහ සර්පණ හනුව ස්පර්ශව ඇති විට ප්‍රධාන පරිමාණයේ 0 සමඟ වර්නියර් පරිමාණයේ 0 සමපාත වී ඇත. එනම් මෙහි මූලාංක දෝෂය ශුන්‍යය වී ඇත. එනම් මෙම වර්නියරයෙන් ලබා ගන්නා මිනුම් නිරවද්‍ය වේ.

(2) රූපය - එකතු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

මෙම වර්නියර් කැලිපරයේ හනු එකිනෙකට ස්පර්ශව ඇති විට වර්නියර් පරිමාණයේ 0 ලකුණ විසින් ප්‍රධාන පරිමාණයේ 0 ලකුණ පසු කරගෙන වම් දිශාවට ගොස් ඇත. එනම් මෙහි මූලාංක දෝෂයක් ඇත. එය මෙසේ ගණනය කරනු ලැබේ. මෙම රූප වල ඉහලින් ඇත්තේ මිලිමීටර පරිමාණයක් වන අතර පහලින් ඇත්තේ වර්නියර් පරිමාණයයි.

මූලාංක දෝෂය = (මුළු වර්නියර් කොටස් ගණන – සමපාත වර්නියර් පාඨාංකය) x කුඩාම මිනුම

ඉහත (2) රූපයේ මූළු වර්නියර් කොටස් ගණන 10 කි. ප්‍රධාන පරිමාණයේ 3 සමඟ වර්නියර් පරිමාණයේ 4 සමපාත වන නිසා සමපාත වර්නියර් පාඨාංකය 4 වේ. කුඩාම මිනුම 1/10 වේ. එවිට සුළු කිරීමෙන් මූලාංක දෝෂය ලෙස 0.6mm ක් ලැබේ. ඉතින් මෙවැනි මූලාංක දෝෂයක් ඇති වර්නියර් කැලිපරයකින් මිනුම් ලබා ගන්නා විට අවසාන පාඨාංකයට මෙම මූලාංක දෝෂය එකතු කළ යුතුයි. එවිට දෝෂය මඟ හැරී යයි.

(3) රූපය - අඩු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

වර්නියර් කැලිපරයේ හනු එකිනෙකට ස්පර්ශව ඇති විට මේ ආකාරයට වර්නියර් 0 විසින් ප්‍රධාන පරිමාණයේ 0 ලකුණ පසු කරගෙන දකුණු දිශාවට ගොස් ඇත්නම් එහි මූලාංක දෝෂය මෙසේ ගණනය කරනු ලබයි.

මූලාංක දෝෂය= සමපාත වර්නියර් පාඨාංකය x කුඩාම මිනුම

ඉහත (3) රූපයේ ප්‍රධාන පරිමාණයේ 4 සමඟ වර්නියර් පරිමාණයේ 3 සමපාත වේ. එම නිසා සමපාත වර්නියර් පාඨාංකය වන්නේ 3යි. කුඩාම මිනුම 1/10 නිසා මේ දෙකෙහෙි ගුණිතයෙන් මූලාංක දෝෂය ලැබේ. මෙහි මූලාංක දෝෂය 0.3mmකි. මෙවැනි මූලාංක දෝෂයක් තිබෙන වර්නියර් කැලිපරයකින් යම් වස්තුවක මිනුමක් ලබාගත් විට එම පාඨාංකයෙන් මෙම මූලාංක දෝෂය අඩු කළ යුතුයි. එවිට දෝෂය මඟ හැරී නිරවද්‍ය අගයක් ලැබේ.

ඉහත ආකාරයට යම් වස්තුවක දිග මැනීමට පෙර කුඩාම මිනුමත් මූලාංක දෝෂයත් පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ඉතින් දැන් වර්නියර් කැලිපරයෙන් දිග මනින ආකාරය සලකා බලමු. මුල්න්ම දිග මැනීමට අවශ්‍ය වස්තුව අඳාළ හනු අතර තබා යාන්තමින් සිර කරගන්න. දැන් ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ලබාගන්න. ඉන්පසු සමපාත වර්නියර් පාඨාංකයද ලබාගන්න. ලබාගත් පාඨාංක පහත සූත්‍රයට ආදේශයෙන් අවසාන පාඨාංකය හෙවත් නිවැරදි දිග ලබා ගත හැක.

නිවැරදි දිග = ප්‍රධාන පරිමාණ පාඨාංකය + (සමපාත වර්නියර් පාඨාංකය x කුඩාම මිනුම)  ± මූලාංක දෝෂය

මූලාංක දෝෂයන් ඇති විය හැක්කේ ධන හෝ ඍණ අවස්ථාවන් වලදී පමණයි. එවිට සුදුසු අවස්ථාවට ගැලපෙන පරිදි මූලාංක දෝෂය අඩු කිරිඹ හෝ එකතු කිරීම සිදු කළ යුතුයි. පහත සජීවිකරණය නැරඹීමෙන් සහ වීඩියෝව නැරඹීමෙන් මෙම කරුණූ වලට අමතරව වර්නියර් කැලිපරය කියවන පහසු උපක්‍රම දැන ගැනීමට හැක.

Vernier Test Video By Mr. Sunimal

ඉතින් මෙසේ හනු මඟින් දිග මැනිය හැකි සේම ගැඹූර මනින කූර සහ ඇතුළු හනු භාවිතයෙන්ද දිග මැනිය හැක. එවිටද පෙර ආකාරයටම මූලාංක දෝෂ ගණණය කර නිවැරදි දිග ලබා ගත හැක.

By Shiroshan Randika

ත්‍රිත්ව ලෝක – තෙවන කොටස
“ජනාධිපතිතුමනි, දැන් අප මොකද කරන්නේ. තව දුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථීරයි.” රාජ්‍ය ලේකම්වරයා පැවසීය.

“මම ඕස්ට්‍රෙලියාවටයි ඉන්දියාවටයි කතාකලා ඒ ගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සියළුම තැන් ජනාවාස වෙලාලු. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ජනගහන වර්ධනය වීම නතර කරලා නිසා ඒ රටවල ආයේ ජන වර්ධනයක් ඇති වෙන එකක් නෑ කියලා ජන අතිරික්තයක් ඉන්න මිනිසුන්ව එහි පදිංචි කරවන්න කියලා තිබුණෘ. වීසා පාස්පෝට් නැතිවුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තිබුනා.”

“ඒ වුණාට ඒක තාවකාලික විසඳුමක් විතරනේ. මේ මුළු ලෝකෙම උපත් පාලනය කරන්න තිබුණේ මීට ඉස්සර. දැන් ඉතින් අශ්වයා පිට වුණාට පස්සේ ඉස්තාලෙ දොර වැහුවා වගේ බලාගෙන ඉන්නවා.”

“කොහෙද මේ කෙහෙල්මල් මානව හිතවාදී සංවිධාන මැරෙන්න හැදුවනේ.” ලේකම්වරයා ඉතුරුව සම්පූර්ණ කළේය.

“ඇත්තමයි මිස්ට රෙනෝල්ඩ් මට ඉල්ලා අස්වෙන්න හිතෙනවා.”  ඇත්තෙන්ම මෙලොව වෙසෙන අවාසනාවන්තම පුද්ගලයා මොහු විය හැකිය.

දැනට ලෝකයේ ඉතුරුව තිබුණු වැසි වනාන්තර 4න් එකක් තුළ වනයේ පරිසරයට නොගැලපෙන කිසිදාක නොදුටු අන්දමේ විපර්යාසයක් සිදුවිණි. මීට පෙර මෙවැනි දෙයක් දුටුවේ පෞරාණික හා නායක දියබල්ලන්ය.

සේවකයෝ දෙදෙනෙක් අනන්තයේ සිට ආවාමෙන් මතු වූහ.

“ආදොන් මේ බලන්න. වෘක්ෂ වහන්සේලායි පරිවාර වෘක්ෂයනුයි තෘණයි පිරිලා. මොකක්ද මේක?” හෝදොන් කෑගැසීය.

“මේක අපේ පුරාවෘත්ත වල තිබෙන වනාන්තරයක් වගේ එකක් වෙන්න ඇති.” ආදොන් මතක් කළේය.

“අපේ අධීරාජ්‍යයාණන් ගොඩක් සතුටු වෙයි. දියබල්ලනගේ ලොක්යේ වෘක්ෂයන් තිබුණා කියලා එතුමා ගොඩක් සතුටු වුණා. ඒ වුනාට මෙච්චර විශාල වනාන්තරයක් නම් අපේ ලෝකයේ කවුරුවත් දැකලා නැතුව ඇති.” ආදොන් වටපට බලමින් මහත් සතුටකින් යුතුව පැවසීය.

“අපි අර පර්වතය උඩට නැගලා බලමු ඈත මොනවද තියෙන්නේ කියලා.”

මොහොතකින් දෙදෙනා තම ප්‍ර්‍රතිගුරුත්ව යන්ත්‍ර භාවිතයෙන් පර්වතය නැගීම ආරම්භ කළෝය.

“මගේ දකුණු පයේ තිබෙන පාවෙන සෙරෙප්පුවේ වෑල්වය නරක් වෙලාද කොහෙද ඒ පැත්ත ටිකක් පහත් වෙනවා.” ආදොන් ඉහල නගින අතරතුර පැවසීය.

“ඒයි අර මොනවද?” රක්ෂිතයේ සීමාවෙන් ඔබ්බෙහි වූජනාකීර්ණ නගරය තුළ වූ තට්ටු ගණන් උස ගොඩනැගිලි සේවකයන් දෙදෙනා තුල අමුතු ආකාරයේ හැඟීමක් ආකාරයේ හැඟීමක් ඇති කළේය.

“මම හිතන්නේ ඒ මෙහෙ ඉන්න මිනසුන්ගේ ගෙවල් වෙන්න ඇති. හැබැයි ඉතින් මෙච්චර නිවාස තායෙනවනම් මේ ලෝකේ මිනිසුස ගොඩක් ඇති. කොයි එකටත් යමුද පොඩ්ඩක් බලන්න.” ආදෝන ඇසීය.

ඒ ගොල්ලෝ කවුරු වගේ අයද කියලා නොදැන එහාට යන එක භයානකයි නේද?” හෝදොන් අනතුරු ඇඟවීය.

“නමුතු මෙච්චර උසට ගොඩනැගිලි හදන්න තරම් දියුණු තාක්ෂනයක් හා බුද්ධියක් තියෙනවනම් ඒ මිනිස්සු නරක අය වෙන්න බෑ. ඕන එකක් වෙච්චදෙන් කියලා බැහැලා යු පල්ලම” යැයි පවසමින් ආදොන් ඉදිරියට පා තැබීය.

“පොඩ්ඩක් ඉන්න එහෙයනම් අපි ‍මේ පාවෙන සෙරෙප්පු ගලවලා තියලා යමු. නැතිනම් ඒ ගොල්ලන්ට අපිව අමුතු විදිහට පෙනෙයි. හෝදොන් පැවසීය. පැවහන් ඔවූහූ ඉදිරියට පා තැබූහ.

“ඔබතුමා හිතනවද සේවකයන්ගේ පැමිණීම අපේ ලෝකයේ පැවැත්මට තර්ජනයක් නෙවෙයි කියලා?” පෞරාණීක  දියබල්ලා නායක දියබල්ලාගෙන් ඇසීය. ඒ එකදු වචනයක්වත් නොපවසාය.

“ඔවුන් අපේ සම්මතයන්ට හා නීතිවලට ගරු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව ඔවුන්ගේ ලොවෙන් වඳවෙලා ගිය ශාක හා සත්වයන් මෙහෙන් අරන් ගිහිල්ලා එහෙ නැවතත් ඇති කරන එක. අධිරාජ්‍යයා අපිව පාලනය කරනවා කියන එකෙන් මම අදහස් කළේ ඔවුන් හා අප අතර අන්තර් ලෝකමය සම්බන්ධතා ඇති කරගෙන සිටීම හා ඔවුන් සමඟ සම්බන්ධය ඒ සම්බන්ධය වඩාත් තහවුරු වන ලෙස විවිධ ගනුදෙනු පවත්වාගෙන යාමයි. එහෙම නොමැතිව ඔවුන්ට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධවීමට උත්සහා දරයි කියලා මම හිතන්නේ නැහැ.

“ඒයි ඔහොම නවතිනවා. හෙල්ලනේන එපා”

ආදොන් ශබ්දය ආ දෙස බැලීය. ගිනි අවියක් අමෝරා ගෙන අමුතු ඇඳුමක් ඇඳගෙන ඔවුන් දෙසට එන මේ පුද්ගලයා දෙස සේවකයන් දෙදෙනා බලා සිටියෝය. ඔවුන් දෙනොගේ සිතු කුහුලින් පිරී ගියේය.

“උඹලා මොකද මෙ‍හෙ කරන්නේ? දන්නැද්ද මේක අධි ආරක්ෂිත රක්‍ෂිතයක්” සේවකයන්ට ඔහුගේ වදන් නොතේරුණි.

“කතාකරපල්ලා…..” ආරක්ෂකයා සිය අවිය හෝදෝන් දෙසට එල්ලකර පැවසීය.

“සමාවෙන්න අපි ආවේ වෙන ලෝකෙකින්. අපිට ඔබව තේරුම්ගන්න බැහැ. “ හෝදොන් පැවසීය. හෝදොන් තුවක්කුව ගනකට නොගෙන ඔවුන්ගේ ක්‍රමයට යටහත් පහත් ලෙස පැවසීය. ඇත්තෙන්ම ආරක්ෂකයා අතෙහි තිබූ මෙම කලු පැහැති උපකරණය පිළිබඳව ඔවූහු කිසිවක් නොදත්හ.

“මොනවද උඹලා කියන්නේග ඔය භාෂාව මම දන්නේ නැහැ. කොහොම වුණත් වරෙල්ලා අපේ කුටියට. එතනදී මම දැනගන්නම් උඹලා කවුද කියලා” කෝපයට පත් නිලධාරියා සේවකයන් දෙදෙනා ඉදිරියට තල්ලු කරමින් පැවසීය.

“හෝදොන් මෙයා අපිට සලකන හැටි එච්චර හොඳ නෑ මේ මිනිස්සු දරුණු ජාතියක් වෙන්න ඖනේ. අපිට මොනවා කරයිද දන්නේ නෑ” ආදෝන් සැකයෙන් මෙන් පැවසීය.

“මොනවා උනත් ගිහින් බලමු. මට හිතෙනවා මේ මනුස්සයා එක්තරා විදියක ආරක්ෂකයෙක් කියලා. සමහර විට මෙයා අපිව ඒ ගොල්ලන්ගේ ප්‍රධානියා ළගට අරන් යයි. අපි පොඩ්ඩක් ඉවසමු.”

ආරක්ෂකයා සේවකයන් දෙදෙනාම ඔහුගේ වායුසමනය කළ මුර කුටිය තුළට ගෙන ගියේය. එහි වූ පරිගණකය ක්‍රියාත්මක කරවා මයිකෝ‍ර්ෆෝන 2ක් ලංකර, “හ්ම්… දැන් කියනවා…….”

ආදොන් හෝදොන් දෙස බලා ඇසින් සංඥා කළේය. “අපි ආවේ වෙන ලෝකෙකින්……” ,හ්ම් පෝඩ්ඩක් ඉන්නවා…” යැයි කියූ ආරක්ෂකයා පරිගණකයේ වූ යමක් දෙස බැලීය.

“හ්ම් තමුසෙලා මේ සිංහ‍ලනේ කතා කරන්නේ. මම නම් සිංහල දන්නේ නෑ. කියනවකෝ බලන්න” යැයි ඉංග්‍රීසියෙන් පැවසීය. ඒ වදන් මයික්‍රෝෆෝනයටම සම්බන්ධ වූ කන්යොමු තුලින් සේවකයන් දෙදෙනාට සිංහලෙන් ඇසුණි.

“ඔයාලා ගොඩක් දියුණුයිනේ.” හෝදෝන් පැවසීය.

“විකාර කතා නෙමෙයි. තමුසෙලා කවුදු? මොකටද ආවේ? මොනවද කරන්නේ කියලා ඉක්මන කියනවා. මට තව වැඩ තියෙනවා.”

“අපි සේවකයෝ” ආදෝන් කතාව ආරම්භ කරමින් පැවසීය.

“හොඳයි තමුසෙලා කාගේ සේවකයෝද?” ආරක්ෂකයා මැද්දට පැන ඇසුවේය.

ඒ ප්‍රශ්නයෙන් සේවකයෝ පුදුම වූහ. “අපි කාගේවත් සේවකයෝ නෙමෙයි. සේවකයෝ කියන්නේ අපිට තමයි.” ආදෝන් කීවේය.

“මොනවද අයිසේ කියන්නේ. බොරු කියලා මගෙන් බේරෙන්න බෑ. මම දැන් ුවුරුදු 10ක් මේ වැඩේ කරනවා. තමුසෙලා දන්නවනේ අධි ආරක්ෂිතයකට අනවසරයෙන් ඇතළු වීමට දඩුවම මරණය. කිසිම සමාවක් නෑ. මේ ජනගහනය වැඩි වෙලා ඉන්න වෙලාවේ දෙන්නෙක් මැරෙන් එකත් ලොකු දෙයක්.” ආරක්ෂකයා පැවසීය.

හෝදොන් එයින් බොහෝ දේ තේරුම් ගත්තේය.

“මහත්මයා මේ අහන්න. අපි මේ ලෝකේ අය නෙවෙයි. අපි ආවේ සමාන්තර ලෝකයකින්. අපි නොදැනුවත්වයි ඔබලා මෙච්චර ආරක්ෂා කරන පූජනීය වෘක්ෂයන්ගෙන් පිරි භූම්යකට ඇතුලු වුණේ. ඒ ගැන අපි සමාව ඉල්ලනවා. අපි කැමතියි ඔබලාගේ ප්‍රධානියාව හමුවෙන්න.” ඔහු පැවසීය.

එබසින් ආරක්ෂකයා තුළ කැළඹීමක් ඇති විය. ඔහු දුරකථනය ගෙන “සර් මිනිස්සු දෙන්නෙක් අල්ලගත්තා. ඔවුන්ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු.”

“මොන කරදරයක්ද අයිසේ. දැන් ටිකකට කලින් දකුණේ එකෙත් කාවද අල්ල ගත්තා කිව්වා. දන්නවනේ කරන්න ඖනේ දේ. මගෙන් අහන්න දෙයක් තියෙනවයෑ. අනිත් එක අද ඉරිදා. මගේ නිවාඩු දවස. මට එන්න බෑ.” ඒ මොහෝතේ වෙරි මතින් පසුවූ ප්‍රධානියා පැවසීය.

“ලොක්කට තමුසෙලාව හම්බවෙන්න බැහැලු. තමුසෙලා ඇත්ත කියනවද? නැත්නම් මම මගේ වැඩේ කරන්නද? මට අණදීලා තියෙන්නේ අනවසරයෙන් ඇතුව වන සියලු දෙනාම මරන්න…..”

ආරක්ෂකතුමාණෙනි, පොඩ්ඩක් ඉවසනු මැන. අපට ඔයාලට උදව් කරන්න පුළුවන්. ඔයාලගේ වැඩිවන ජනගහනයට විසඳුමක් දෙන්න.” ආදොන් ආක්ෂකයා දෙස බලා පැවසීය.

“ඕවා කියලා වැඩක් නැහැ. ඔය එක එක ජාතියේ බොරු කියලා මාව රවට්ටන්න බෑ. එනවා යන්න…. පැනලා යන්න හදන්න එපා. තමුසෙලාට මගෙන් බේරෙන්න බැහැ.”

“හරි පොඩ්ඩක් ඉන්න අපි ඔප්පු කරන්නම් අපි මේ ලෝකේ නෙමෙයි කියලා.” හෝදොන් තම මයික්‍රෝෆෝනයට පැවසීය.

“‍හොඳයි එහෙනම් ඔප්පු කරනවා බලන්න.” ආරක්‍ෂකයා පැවසීය.

“ඒකට අපි ආපු තැනට යන්න ඕනේ.” ආදෝන් පැවසීය.

“මේ, යාළුවා තමුසෙට බැහැ මාව ගොනාට අන්දන්න. තමුසෙලා කවුරු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. නීති කඩ කළොත් මරණය…” ඔහු පැවසීය.

“මහත්මයා පොඩ්ඩක් ඉවසන්න. මේක අපි දෙගොල්ලන්ටම ඉතාම වැදගත් දෙයක්.” හෝදෝන් ඉල්ලා සිටියේය.

“වැඩක් නෑ අයිසේ. මම තමුසෙලාව විශ්වාස කරන්නේ නෑ. එක එක විදියේ බොරු අහලාමට දැන් ඇති වෙලා. මේ රටේ සිංහලයොයි, ඇමෙරිකානුවොයි, දෙමළුයි හැම එකාවම දාගෙන මළ කරදරේ.” යැයි පවසමින් ඔහු තම අසුනින් නැගිට සිටියේය.

“හෝදොන් කරන්න දෙයක් නෑ. මේ මිනිස්සු කොහොමත් අපිට හරියන්නේ නැහැ. කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ට හොඳ ගතිගුණ නැහැ. මේ මනුස්සයා අපිව මරන්න කලින් අපි යා යුතුයි. නැත්නම් දියබල්ලනුත් අපිට නැති වෙයි.”

“ඒක ඇත්ත. දිය බල්ලොත් එක්ක බලනකොට මේ මිනිස්සු යක්කු වගේ. කොහොමද දැන් මෙයාගෙන් බේරෙන්නේ?”

“ඒයි උඹලා දෙන්නා කතා කරන්නේ පැනලා යන එක ගැනනම් ඒක බොහොම නිශ්ඵල දෙයක්. මොකද මේ තුවක්කුවෙන් බේරෙන්න ලේසියෙන් බැහැ. අනිත් එක මම තරම්දක්‍ෂ වෙඩික්කරුවෙක් මුළු කැලෑ ආරක්ෂක සේවයේම නැහැ. ඒක නිසා උඹලා පැනලා යන්න හදන්නේ නැතිව ගෞරවාන්විත විදිහට මැරියල්ලා.” ආරක්ෂකයා අවඥාවෙන් මෙන් පැවසීය. ඔහුගේ මේ වදන් සේවකයන් දෙනොට නොතේරුණ නමුත් තව දුරටත් ඔහුගේ වදන් වලට සවන් දීමට ඔවුන් දෙදෙනා තුළ කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.

“හෝදොන් මතකනේ “මික්ස්කික්“. මෙයාට දෙකක් දුන්න ගමන් අපට මෙතනින් පැන ගන්න පුළුවන්”. ආදෝන තම මුතුන් මිත්තන්ගෙන් ඉගෙන ගත් අධි තාක්ෂනික ක්‍රම වලින් යුතු සටන් ක්‍රමය පිළිබඳව තම මිතුරාට මතක් කළේය.

ඔවුන් මෙය අත්හදා බලන ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන්ගේ ලොකයේදී කිසිදු අවස්ථාවක මෙවැනි අවශ්‍යතාවයක් ඔවුන් අඅඅඇත නොවුණි.

ආරක්ෂකයා ඔවුන්ව ඉදිරියට කල්ලු කළේය. “හෝදෝන දැන්” ආදොන් සංඥාව දුන්නේයග ඔවුන් දෙදෙනා දෙපසට අඩවටයක් කැරකී එල්ල කල පා පහරින් ආරක්ෂකයා සෑහෙන්න කලකට නොනැගිටින්නටම වැද හොත්තේය.

“අපිට සමාවෙන්න යාළුවා. අපි ඔබත් එක්ක තරහා නෑ. අපි ඔයාට ගරු කරනවා. ඒ තමන්ට ලැබෙන් අණ අකුරටම පිළිපදින් නිසා. නමුත් ඔයාගෙ ලෝකයට වෛර කරනවා. මෙහෙ මිනිස්සු දිගින් දිගටම මෙහෙ හිටියොත් හැමදාම විශ්වයේ හුදෙකලා වී සිටීවි.”

සේවකයන්ගේ ලොවෙහි දර්ශන පුවරුවකින් අප ජීවත් වන සමාන්තර ලොවේ සංඛ්‍යාතයන් සදහටම මැකී ගියේය.

෴නිමි෴

By Pathum Asanka

වර්ණවත් රසායනය
උසස් පෙල රසායන විද්‍යා විෂය නිර්දේශයට අයත් සියලුම සංයෝග හා අයනවල වර්ණ වෙන් වෙන් වශයෙන් ඉතා පැහැදිලිව මෙම ලිපියේ අඩංගු වේ.

1. සුදු පාට සංයෝග

බේරියම් කාබනේට්- BaCO3

ස්ට්‍රොන්ටියම් කාබනේට් – SrCO3

කැල්සියම් කාබනේට් – CaCO3

ලෙඩ් ක්ලෝරයිඩ් – PbCl2

ලෙඩ් බ්‍රෝමයිඩ් – PbBr2

සිල්වර් ක්ලෝරයිඩ් – AgCl

සිල්වර් කාබනේට් – Ag2CO3

බේරියම් සල්ෆේට් – BaSO4

කැඩ්මියම් සයනයිඩ් – Cd(CN)2

බිස්මත් හයිඩ්රොක්සයිඩ් – Bi(OH)2

සින්ක් හයිඩ්රොක්සයිඩ් – Zn(OH)2

ලෙඩ් සල්ෆේට් – PbSO4

මැංගනීස් හයිඩ්රොක්සයිඩ් – Mn(OH)2

මර්කියුරස් ක්ලෝරයිඩ් – Hg2Cl2

බේරියම් සල්ෆයිට් – BaSO4

හයිඩ්රජන් ක්ලෝරයිඩ් වායුව – HCl

කැඩ්මියම් හයිඩ්රොක්සයිඩ් – Cd(OH)2

සින්ක් සල්ෆයිඩ් – ZnS

2. කහ පාට සංයෝග

ලෙඩ් අයඩයිඩ් – PbI2

සිල්වර් බ්‍රෝමයිඩ් – AgBr ( ලා කහ )

සිල්වර් අයඩයිඩ් – AgI ( තද කහ )

සෝඩියම් ක්‍රෝමේට් – Na2CrO4

මර්කියුරික් ඔක්සයිඩ් – HgO

මර්කියුරස් අයඩයිඩ් – Hg2I2 ( කොළ / කහ )

කැඩ්මියම් සල්ෆයිඩ් – CdS

ආසනික් සල්ෆයිඩ් – As2S3

ස්ටැනික් සල්ෆයිඩ් – SnS2

ලෙඩ් මොනොක්සයිඩ් – PbO

Zn(OH)2 , ZnCO3 , ZnC2O4 , Zn(NO2)2 හා Zn(NO3)2 තදින් රත් කළ විට කහපාට වන අතර සිසිල් වු විට සුදු පාට වේ.

ක්‍රෝමේට් ලවණ කහ පාට වේ. ෆෙරික් අයන අඩංගු සංයෝග කහ පාට ( දුඹුරු පාටට හුරු ) වේ.

ෆෙරෝසයනයිඩ් කහ පාට සංයෝග වේ. නෙස්ලර් ප්‍රතිකාරකය (K2HgI4) කහ පාට වේ.

3. කොළ පාට සංයෝග

ෆෙරස් හයිඩ්රොක්සයිඩ් – Fe(OH)2 ( කිලිටි කොළ )

නිකල් සල්ෆේට් – NiSO4

නිකල් හයිඩ්රොක්සයිඩ් – Ni(OH)2

ක්‍රෝමික් හයිඩ්රොක්සයිඩ් – Cr(OH)3 ( නිලට හුරු කොළ )

පොටෑසියම් මැංගනේට් – K2MnO4

ක්‍රෝමියම් සල්පේට් – Cr2(SO4)3

ෆෙරස් ඔක්සයිඩ් – FeO

ක්‍රෝමියම් සෙක්ස්වි ඔක්සයිඩ් – Cr2O3

කොපර් කාබනේට් – CuCO3

ෆෙරස් හයිඩ් රොක්සයිඩ් – Fe(OH)2

කොපර් , ක්‍රෝමියම් සහ නිකල් ලවණ කොළ පාට වේ. ෆෙරස් ලවණ ලා කොළ පාට වේ.

4. නිල් පාට සංයෝග

පොටෑසියම් ෆෙරොෆෙරිසයනයිඩ් – KFe[Fe(CN)6] ( ප්‍රශියන් නිල් )

කියුප්රික් හයිඩ්රොක්සයිඩ් – Cu(OH)2 ( ලා නිල් )

කොපර් සල්ෆේට් – CuSO4 ( ජලීය ද්‍රාවණ නිල් පාටයි )

කොපර් නයිට්රේට් – Cu(NO3)2

ඇතැම් කොපර් ලවණ සහ නිර්ජලීය කොබෝල්ට් ලවණ නිල් පාට වේ.

5. කලු පාට සංයෝග

ෆෙරස් සල්ෆයිඩ් – Fes

කියුප් රික්ඔක්සයිඩ් – CuO

කොපර් සල්ෆයිඩ් – CuS

සිල්වර් සල්ෆයිඩ් – Ag2S

මර්කියුරික් ඔක්සයිඩ් – HgO

ෆෙරාසෝ ෆෙරික් ඔක්සයිඩ් – Fe3O4

මර්කියුරික් සල්ෆයිඩ් – HgS

ලෙඩ් සල්ෆයිඩ් – PbS

බිස්මත් සල්ෆයිඩ් – Bi2S3

නිකල් සල්ෆයිඩ් – NiS

කොබෝල්ට් සල්ෆයිඩ් – CoS

5. රතු පාට , දුඹුරු පාට , තැඹිලි පාට සංයෝග

මැංගනීස් සල්ෆයිඩ් – MnS ( ලා රතු / ලා දම් )

ප’මැංගනික් අම්ලය – HMnO4 ( ලා රතු / ලා දම් )

ෆෙරික් හයිඩ්රොක්සයිඩ් – Fe(OH)3 ( රතට හුරු දුඹුරු )

ෆෙරික් තයෝසයනේට් – Fe(CNS)3 ( තද රතු )

මැංගනීස් ඩයොක්සයිඩ් – MnO2 ( තද දුඹුරු )

මැංගනීස් හයිඩ්රොක්සයිඩ් – Mn(OH)3 ( දුඹුරු )

කොබෝල්ට් සයනයිඩ් – Co(CN)2 ( රතට හුරු දුඹුරු )

කොෆර් පෙරොසයනයිඩ් – Cu2Fe(CN)6 ( තද දුඹුරු )

සිල්වර් ක්‍රෝමේට් – Ag2CrO4 ( ගඩොල් රතු )

සිල්වර් ඔක්සයිඩ් – Ag2O ( දුඹුරු )

ම’කියුරික් අයඩයිඩ් – HgI2 ( තද රතු )

ඇන්ටිමනි සල්ෆයිඩ් – Sb2S3 ( තැඹිලි )

ස්ටැනස් සල්ෆයිඩ් – SnS ( දුඹුරු )

පොටෑසියම් ෆෙරිසයනයිඩ් – K3Fe(CN)6 ( දුඹුරු පාට ද්‍රාවනයකි. ස්ඵටික තැඹිලි පාටයි )

ෆෙරික් ඔක්සයිඩ් – Fe2O3 ( රතට හුරු දුඹුරු )

ඇමෝනියම් ඩයික්‍රෝමේට් – (NH4)2Cr2O7 ( තැඹිලි )

ලෙඩ් ඩයොක්සයිඩ් – PbO2 ( තද දුඹුරු )

කියුප්රස් ඔක්සයිඩ් – Cu2O ( රතු )

මර්කියුරස් ඔක්සයිඩ් – Hg2O ( රතු )

ලෙඩ් ටෙට්ට්‍රොක්සයිඩ් – Pb3O4 ( රතු )

ලෙඩ් ක්‍රෝමේට් – PbCrO4 ( රතු )

කියුප්රස් ක්ලෝරයිඩ් – CuCl ( දුඹුරු )

ජලීය කෝබෝල්ට් ලවණ ( ලා රතු )

ෆෙරීසයනයිඩ් සංයෝග ( රතට හුරු දුඹුරු )

ඩ්යික්‍රෝමේට් ලවණ ( රතු )

පර්මැංගනේට් ලවණ ( දම් )

මැංගනීස් ලවණ ( ලා රෝස )

ක්‍රෝමියම් ලවණ ( දම් )

ජලීය ද්‍රාවණවලදී d ගොනුවේ අයනවල වර්ණය

Fe2+- ලා කොළ / කිලිටි කොළ

Fe3+- කහ / දුඹුරු

Cu2+- නිල්

Zn2+- අවර්ණ

Co3+- නිල්

Co2+- ලා රෝස

Mn2+- ලා රෝස

Mn3+- දම් / රතු

Cr2+- නිල්

Cr3+- දම් / කොළ

V2+- දම්

V3+- කොළ

Sc3+- අවර්ණ

Article By Chathura Nuwan