21Apr2010

තාරකා විද්‍යාවට ඇරඹුමක්!

විශ්වයෙහි අන්තර්ගත දෑ මොනවද? මොන වගේද? ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්! ඇත්තටම පෙනෙන විදියට විශ්වයේ සියලුම දේ භෞතිකයි. පදාර්ථය සහ ශක්තිය යන දෙවර්ගයෙන් තමයි අපි දන්න විදියට භෞතික ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඒ විශ්වය නම් අභිරහස් සාගරයෙන් එය තුල ඉතාම කුඩා අවකාශයක් අත්කර ගන්නා(එය සිතුවිල්ලක් පමණි) පෘථිවිය දෙස බලමු.

පෘථිවිය නිර්මාණය වී ඇත්තේ කුමකින්ද? ඒක දැනගන්න අපිට එය නිර්මාණය වූ අවදියට යන්න වෙනවා. පෘථිවිය ඇතුලු ග්‍රහලෝක, තාරකා සහ අනෙක් සියලු දේ චලනය වේ. සෑම වස්තුවක්ම ඊට ආවේණික චලිතයක යෙදෙයි. ඉතින් මේ වස්තූන් වලට මේසේ චලනය වීමට බලය යෙදුවේ කවුද? අහස දෙස මිනිසා බැලුවේ සැම විටම කුතුහලය පිරි දෑසකිනි. එය වසර දහස් ගණනකට එහාට දිව ගිය කතාවක්.

සරලව කිව්වොත් එඩේර යුගයේදී තමා මිනිසා අහස දෙස විමසිලිමත් වී සිටීමට පුරුදු වෙන්නට පටන්ගත්තේ. එඩේරික ජීවිතයට හුරු වූ ජනයා රාත්‍රී කාලයේ තම ඇති කරන සතුන්ව තණ පිටියක එක් තැන් කොට තබාගෙන සිටියි. ඉතින් මේ අතරතුර එඩේරැන්ට විවේක ගැනීමට කදිම වෙලාවක්. තම විඩාව නිවා ගැනීමට තණ පිටිය මත දිගා වී සිටින එඩේරුන්ට නිරායාසයෙන්ම අහස දෙස බැලෙයි. මෙසේ අහස දෙස බලා තම කුතුහලය සන්සිදුවා ගනී. තරු එකිනකට ඈඳාගෙන තරු රටා මැවීමට ඔවුන් සමත් විය. ඒ වගේම සෑම තරු රටාවක් වටාම රසවත් කතා ගෙතිණි. ඒවායේ ගුප්ත බව නිසා ඔවුන් ඒවට දේවත්වයක් ආරෝපණය කලා. අද දක්වා පැවත එන ග්‍රීක පුරාවෘත්ත වල ආරාම්භය එයයි.

යුරෝපයේ පුනරුදයෙන් පසු පුරාවෘත්තයක් වූ අහස විනිවද යෑමට හැකි බුද්ධිමතුන් පිරිසක් බිහි විය. ඔවුන් විසි සොයා ගන්නා ලද දෑ බෝහෝ ය. එහෙම කිව්වට‍ යුරෝපය පමණක් නොවේ අහස දෙස විමසිලිමත් වුණේ. පෙරදිග ශාස්තෘවරුන් යුරෝපයට පෙර සිටම මේ දේවල් ගැන විමසිලිමත්ව සිටියා. කෙසේ වෙතත් විද්‍යා සහ තාක්ෂණය දියුණුවෙන් මේ ලෝකයෙන් එපිටත් ජීවය රැගෙන යාමට මිනිසා සමත් වුණා. සඳ මතුපිට පා තැබීමෙන් පසු දැන් අඟහරු මත පා තබන්නට වෙර දරන බව දැන් නොරහසක්. ඉතින් මේ සියල්ලටම විද්‍යවේ දියුණුව හේතු වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය අංශය වෙතට දැක්වූ උනන්දුව නිසාම ඒකටත් අනු විද්‍යාවක් වෙන් කෙරුණා. ඒ තමයි තාරකා විද්‍යාව. නමේ හැටියටනම් තරු ගැන අධ්‍යයනයක් වගේ නමුත් තරු ගැන පමණක් නොව මුළු විශ්වය දෙස විපරම් කිරීමේ විද්‍යාව, තාරකා විද්‍යාවයි. ගැලීලියෝගේ දුරදක්නයන් ඇරුඹුණු විපරම අද අභ්‍යාවකාශගත දුරදක්නා ඇසවල් බවට පත් වී තිබෙනවා. එය මිනිස් බුද්ධියේ විස්මයයි!

නමුත් අපිට කොයින්ද ඕවා? අපිට මොකටද ඕවා? කියා හිතන මිනිසුන්ටනම් මෙය සමහරවිට අරුමයක් නොවෙන්නට පුළුවන්! නමුත් අහස සිතුවිලි උල්පතකි. කාව්‍යකරණයට බඳුන් වූ සුන්දරම තැනකි, රාත්‍රී අහස! එය චමත්කාරජනකයි. විශ්මයජනකයි. ඉතින් ඔබේ ඇසින් ලෝකය දෙස බලන්න පෙර ඉහළ ආකාශය දෙස මඳක් බලන්න. එතකොට ඔබට සිතේවී ඔබ කිරි සයුරේ අතරමං වූ තවත් ජීවී පදාර්ථයක්ද කියා?

ඉතින් තාරකා විද්‍යාවට මම මෙසේ ඇරඹුම සටහන් කළා! තවත් ලිපියකින් හමුවෙමු!

“මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” ‍
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.
Sharing is caring.
  • Subscribe to our feed
  • Share this post on Delicious
  • StumbleUpon this post
  • Share this post on Digg
  • Tweet about this post
  • Share this post on Mixx
  • Share this post on Technorati
  • Share this post on Facebook
  • Share this post on NewsVine
  • Share this post on Reddit
  • Share this post on Google
  • Share this post on LinkedIn

Discussion

11 responses to "තාරකා විද්‍යාවට ඇරඹුමක්!"

  • හසිත ජයසූරිය says:

    නියමයි නියමයි…දිගටම ලියන්න

  • Supun Sudaraka says:

    මේක සිරා වැඩක්. දිගටම කරගෙන යන්න අත්හරින්නේ නැතිව. පුලුවන් විදිහට අපේ දායකත්වයත් දෙන්නම්. මේ ලිවිල්ලත් මරු.

    ජයවේවා!

  • Shiroshan Randika says:

    @හසිත ජයසූරිය
    බොහොම ස්තූතියි! අනිවා දිගටම ලියනවා. ඔබේ අදහස් ප්‍රතිචාර වලට ස්තුතියි!

    @Supun Sudaraka
    බොහොම ස්තූතියි! ඔබටත් මේකට දායක වෙන්න පුළුවන්නම් ඒක ගොඩක් වටිනවා. මගේ අරමුණ විද්‍යාව රස මුසුව ඉදිරිපත් කිරීමයි. ඉතින් උසස් පෙළත් එක්කම මේ වැඩේත් අනිවා දිගටම ගෙනියනවා.

  • චතුරංග රූපසිංහ says:

    මගෙත් ආසම විශයක් ලියන්න දිගටම

  • Shiroshan Randika says:

    @චතුරංග රූපසිංහ
    බොහොම ස්තූතියි! අනිවා ලියනවා

  • මල්ලි මෙන්න මේ ලිපියේ මුල දේට තව මගෙන් දෙයක් මම එකතු කරනවා ඒ තමා මේ ලොකේ හැම දේටම අතර මැදි දේවල් තියනවා නමුන් බටහිර විද්‍යාවේ එකට ඉඩක් නෑ. මොකද පදාර්ථයේ අවස්ථා 3ට වඩා තියනවා ඒ වුනාට අපි දන්නෑ ඒක ඒවගේම මේ ලොකේ හැදිලා ඇති පදාර්ථයයි ශක්තියයි අතර මැද දේකින්

  • සමාවෙන්න වැරදිමක්

    ඒක ඒවගේම මේ ලොකේ හැදිලා ඇති පදාර්ථයයි ශක්තියයි අතර මැද දේකිනුත් අඩංගු වෙනවා කියලා මම හිතනවා මොකද බටහිර විද්‍යාවට සමහර දේවල් සංවේදි නෑ

    • ඔව් අපි හැමෝම ඉගෙන ගන්නේ මේ බටහිර විද්‍යාවයි.(සයන්ස්) නමුත් විද්‍යාවට ගෝචර නොවන දේත් තියෙනවා. පෙරදිග විද්‍යාවන් තුළින් බටහිරට වඩා ගොඩක් දේවල් සංවේදනය කර‍ගෙන තිබුණා. ඒ වුණත් විද්‍යාව යනු සියල්ලම නෙමේ. මේක වෙනමම සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණාවක්. ස්තූතියි මෙය මතක් කළාට!

      ඒ වගේම ඔබ කිව්වා පදාර්ථයට අවස්ථා 3ක් පමණක්ම නෙමේ කියලා. ඒක හරි. උදාහරණයක් විදියට වළාකුළු ගන්න පුළුවන්. ඒක ඝන, දුව හා වායු යන වර්ග තුනෙන් කෝකට අයිතිද කියලා නිශ්චිතව කියන්න බෑ. නමුත් විද්‍යානුකූලව ඒක පැහැදිලි කරන්නම් පුළුවන්.

  • Amila says:

    තාරකා විද්යාව යටතේ ලිපි අඩු නිසා මේ ගැනවත් 1ක් ලියන්ඩ ඔනේ

  • pasan imal says:

    niyamai, ulkapatha saha ulkashma genath thorathuru liyanna

  • Nalaka says:

    Gooodak hody,aliens la ganath monawahari liyanna.thawada pruthuviyata samana graha laoka ganath sadahanak denna. eawagema KALU KUHARA,NEHARIKA,SUPERNOWA THARU ganath liyanna.oyata GOOD LUCK…..!

Leave a Comment