02Oct2010

පදාර්ථය

අප කුඩා කල උගත් සේම, පදාර්ථය තැනී ඇත්තේ ඝණ (Solid), ද්‍රව (Liquid), සහ වායු (Gas), යන මූලික අවස්ථා තුනෙනි. ලොවෙහි පවතින සියළුම ද්‍රව්‍ය මෙම අවස්ථා තුනෙන් එක් අවස්ථාවක පසු වේ. සමහර විට ඒ අවස්ථා තුනෙහිම පවතින ද්‍රව්‍ය නැත්තේ ද නොවේ. උදාහරණයක් ලෙස අයිස්, ජලය, සහ ජල වාෂ්ප ලෙස  ජලය (H2O) පවතී.

පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම

පදාර්ථයේ අවස්ථාව අනුව අංශූවල සැකැස්ම

ඝන(Solid)

ඝණ ද්‍රව්‍ය තැනී ඇත්තේ ඒවායේ අංශූන් දැඩි ලෙස ඇසිරීමෙනි. ඝණ ද්‍රව්‍ය වලට නියත හැඩයක්, සහ පරිමාවක් ඇති අතර පහසුවෙන් හැසිරවිය හැක. මෙම ඝණ ද්‍රව්‍ය වල අංශූන්ගේ ඇසිරීම නිසි රටාවකට සිදුවන අතර ඒරටාව පහසුවෙන් හඳුනාගත හැකිය. එසේම ඒ අංශූන් එකිනෙකට අසුරන ආකර්ෂණ බල ඝණ ද්‍රව්‍ය වල දැඩිව ක්‍රියාත්මක  වේ. එක්ස් කිරණ විසරණ ක්‍රමය (X-ray diffraction technique) මගින් පරීක්‍ෂා කළ විට ස්ඵටික දැලිසක් (Crystal lattice) ලෙස ඇසිරී ඇතිවාසේ පෙනෙන්නේ ඒ ඝණ ද්‍රව්‍යයේ සූක්‍ෂම සැකැස්මයි.

ද්‍රව (Liquid)

ද්‍රව වලට නියත හැඩයක් නොමැති අතර පරිමාවක් ඇත. ඒවායේ අංශූන් ලිහිල්ව ඇසිරී පවතී. ද්‍රවයන් දෑම විටම අඩංගු භාජනයේ හැඩය ගනී. බොහොමයක් ද්‍රාවණ සහ සමහරක් ලෝහ වර්ග ද්‍රව ලෙස ස්වභාවයේ පවතී.

වායු (Gas)

වායූන්ට සියමිත හැඩයක් හෝ පරිමාවක් නොමැති අතර ඒවායේ අංශූන් ඉතාම ලිහිල් ලෙස ඇසිරී පවතී. වායූන් ප්‍රසාරණය හෝ සංකෝචනය කළ හැක. ඒවායේ අංශු අතර අවකාශය බොහෝ දුරට හිස්ය.

පදාර්ථය වර්ගීකරණය (classification of matter)

පදාර්ථය වර්ගීකරණය (classification of matter)

පදාර්ථය විවිධාකාරයෙන් වර්ග කළ හැක. සියළුම දෑ පිරිසිදු ද්‍රව්‍යයකි, නැතහොත් මිශ්‍රණයකි. පිරිසිදු ද්‍රව්‍ය එක් දෙයකින් සෑදුන මූලද්‍රව්‍යයක් හෝ යම් ද්‍රව්‍ය එකකින් හෝ කිහිපයකින් සෑදුන සංයෝගයක් විය හැකිය. උදාහරණයක් ලෙස NaCl එසේ සෑදුන සංයෝගයකි. එහි සංඝඨක වනුයේ Na සහ Cl වේ. එසේම මිශ්‍රණ ද සමජාතී හෝ විශමජාතී ලෙස වර්ග කළ හැක. මේවා ඝණ, ද්‍රව, හෝ වායු මිශ්‍රණ විය හැක. සමජාතී මිශ්‍රණ වනුයේ ඒ ඒ සංඝඨක නිසි ලෙස මිශ්‍රවී තැනුන මිශ්‍රණයකි (Homogeneous mixtures). උදාහරණයක් ලෙස කරදිය ගත් කළ, එහි විවිධ දෑ අඩංගු නමුත් එහි සෑම තැනකම නියත සංඝඨක අනුපාතයක් ඇති සමජාතී ද්‍රාවණයක් ලෙස පවතී. විශමජාතී මිශ්‍රණ (Heterogeneous mixtures) එකිනෙක මිශ්‍රවී හෝ නොවී තිබිය හැක උදාහරණයක් ලෙස ජලයේ වූ තෙල් බිඳිති, කිරි, ආදී දේ දැක්විය හැක. ඒවා මිශ්‍රණ ලෙස පිටතට පෙණුනත්, ඇත්ත වශයෙන්ම තැනී ඇත්තේ ඉමල්ෂන් (Emulsion) නම් වූ මිශ්‍රණයක් ලෙසිනි. එසේම කොන්ක්‍රීට් මිශ්‍රණයක් ගත් කළ එහි අඩංගු සිමෙන්ති, වැලි, ගල්, ආදිය සෑම තැනකම එකම අනුපාතයට දැකිය නොහැක: එය විශමජාතී මිශ්‍රණයකි෴

By Dr. Piyal Ariyannada

Sharing is caring.
  • Subscribe to our feed
  • Share this post on Delicious
  • StumbleUpon this post
  • Share this post on Digg
  • Tweet about this post
  • Share this post on Mixx
  • Share this post on Technorati
  • Share this post on Facebook
  • Share this post on NewsVine
  • Share this post on Reddit
  • Share this post on Google
  • Share this post on LinkedIn

Discussion

8 responses to "පදාර්ථය"

  • මට ප්‍රශ්නයක් තියෙනවා “වළාකුළු” මේ අවස්ථා 3න් කෝකටද අයිති? එහෙම බලපුවම මේ ලෝකේ නිශ්චිතවම වෙන් කරන්න බැරි දේවලුත් තියෙනව නේද?

    • වලාකුළු කියන්නේ ඇත්තටම ඉමල්ශන් එකක්. එය ජල බිඳිති සහ වාතය අඩංගු ඉමල්ශන් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉමල්ශන් වර්ග බොහොමයක් තියෙනවා.
      ඝණ-ද්‍රව, ද්‍රව-ද්‍රව, ද්‍රව-වායු, ඝණ-වායු, ආදී ලෙස බොහොමයක් සහසම්බන්ධතා ලෙසින්…

      ඇත්තටම පදාර්ථයේ අවස්ථා 4 ක් තිබෙනවා. උසස් පෙළට උගන්වන්නේ පදාර්ථයේ අවස්ථා තුනයි කියලයි.
      ඝණ, ද්‍රව, වායු, සහ ප්ලාස්මා කියන අවස්ථා හතර තුළ ලෝකයේ සෑම දෙයක්ම පවතිනවා.
      විකපීඩියා වෙබ් අඩවියේ වළාකුළු ගැන මෙහෙම තියෙනවා…

      http://en.wikipedia.org/wiki/Cloud

  • ඇත්තටම වලාකුළු කියන්නේ කලිලයක් (colloid) මම පෙරදි ඉමල්ෂන් එකක් කිව්වේ වැරදීමකින්.

  • Sara says:

    1. dravayaka vyuhaya gath vita vadath sammepa wanne ganayakatada? wayuwakatada?
    2.”gini della” ayath wanne padarthaye kumana awasthawatada?

  • ද්‍රවයක හැසිරීම වඩාත් ලංවන්නේ ඝණයකට. ඒ ඇසිරීම අතින්.
    ගිණි දැල්ලක් ඇත්තටම ගණන් ගැනෙන්නේ උණුසුම් වායු මිශ්‍රණයක් ලෙසයි. නමුත් ප්ලාස්මා කියා පදාර්ථයේ තවත් අවස්ථාවක් තිබෙනවා. බොහො දෙනෙක් මේ අවස්ථාව තියන්නේ ගිණි දැල්ලක් කියා වරදවා සිතා සිටිනවා. ප්ලාස්මාවක ගතිගුණ ලිණි දැල්ලක ගති ගුණ වලට වඩා බොහෝ වෙනස්

    • Sara says:

      Answer ekata thank you, eth answer eka thawaduratath pahada denna puluwanda?

      • ඝනයකට සහ ද්‍රවයකට සාපේක්ෂව වායුවක අංශූන් එකිනෙකින් ගොඩක් ඈතින් පිහිටයි. වායූ අංශූ නිදහස්ව අහඹූ චලන දක්වන නිසා එම වායුව අඩංගු බඳුනේ මුළු පරිමාවම අත්කරගන්නවා. ඒක නිසා ද්‍රවයක ලක්ෂණ වායුවකට වඩා ඝනයකට සමීපයි කියලා හිතන්න පුළුවන්.

        ගිනි දැල්ල ගැනනම් මම හිතන්නේ ඒක තාප ශක්තියේත් ආලෝක ශක්තියේත් සම්මිශ්‍රණයක්. ගිනිදැල්ලේ ඇති තාප ශක්තියෙන් එහි අවට ඇති වායූ මිශ්‍රණය උණූසුම් කරවනවා. එහි ආලෝක ශක්තියෙන් අපේ ඇසට දැල්ලක් දෘෂ්‍යමාන කරවනවා. එනම් අපට එළිය ලබා දෙනවා. බොහෝ ගිනි දැලි කහ පාටින් යුක්ත වන්නේ එම දහනයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා. අර කිව්වා වගේ උණූසුම් වායු මිශ්‍රණයක් කියන්න පුළුවන්.

Leave a Comment