හොදම සමූහ බ්ලොග් අඩවිය 2010

හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය
කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ තරගාවලියෙහි සම්මාන ප්රදානෝත්සවය වන “අසෙනිය කුසුම” පසුගිය නොවැම්බර් 29වන දින සිදු කෙරිණී. එහිදී හොදම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය විද්‍යාව.com වෙත ලැබුණු බව පවසන්නේ හඳ පිරි සතුටිනි. එය විද්‍යාව.com කණ්ඩායමට මෙතෙක් ලැබුණු හොදම දිරිගැන්වීමයි. ඒ පිළිබඳව මෙම තරගාවලිය සංවිධානය කළ සභාපති ඇතුළු රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකයට අපේ අවංක ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම මෙතෙක් විද්‍යාව.com වෙත දායකත්වය සැපයූ සියලු දෙනාටත් තුති පුද කර සිටිනවා. විශේෂයෙන් සක්‍රීය දායකත්වයක් සැපයූ පියල් ආරියනන්ද, විද්‍යා ප්‍රබන්ධ සැපයූ පැතුම් අසංක, දේදුනු ධනන්ජය, සචිත් පෙරේරා, විශ්ව රංගනාත් යන අයත් විද්‍යා කාටූන් නිර්මාණ සැපයූ සියලු දෙනාවත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම Vidyawa.com වෙත අනුග්‍රහය දක්වමින් සියලු වෙබ් සේවාවන් නොමිලේ සැපයීම පිළිබඳව eWebCities ආයතනයේ නිරුත්, ශක්ති ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම මෙම බ්ලොග් අඩවිය අරඹා තවම මාස අටක් පමණක් ගත වී ඇතත් එම කෙටි කාලය තුල නිතර මෙහි පැමිණී පාඨක පිරිසටත් නන් අයුරින් සහයෝගය දැක්වූ සැමටත් ස්තූතිය පුද කරනවා! ඒ සියලු දෙනාගෙන් ඉදිරියටත් අප හා රැඳෙන මෙන් ඉල්ලා සිටිමු. එසේම අනාගතයේදී මෙම අඩවිය වඩා නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අපි සෑම උත්සහයක්ම දරන්නෙමු . ස්තූතියි෴






ආරම්භයේ පටන්ම විවිධාකාර ගැටළු/බාධක වලටත් මුහුණ දෙමින් ඉතා උත්සාහවන්තව ඔබ මේ බ්ලොග් අඩවිය පවත්වාගෙන ආ හැටි මතකයි. යහපත් අරමුණින් යුතුව සිසු පරපුර සහ සෙසු සමාජය වෙත ඔබ ඉටු කරන සේවය ප්‍රශංසනීයයි.
ඔබ පිරිස ලද ජයග්‍රහණය වෙනුවෙන් මම ඉත සිතින්ම සුභ පතනවා.
ඉදිරියටත් මෙය හොඳින් කරගෙන යන්න.
බොහොම ස්තූතියි! මේ ප්‍රතිචාරය ගොඩක් වටිනවා අපට. ලොකු දිරිගැන්වීමක්!
සුහ පැතුම.!
බොහොම ස්තූතියි!
congratulations!.. Keep up good work
බොහොම ස්තූතියි දිරිගැන්වීමට!
නියමයි! උපරිමයි! ඔයාලට මේ ලැබුණෙ තව ඉදිරියට යන්න ලොකු තල්ලුවක්. කොයිතරම් දියුණු වුණත් විද්‍යාත්මක දේවල් ගැන ඉස්කෝලෙන් පස්සෙ හදාරන්නෙ නැති වාතාවරණයකදි මේ වැඩේ ඉස්තරම්!
සුභපැතුම් උපරිමෙන්!
බොහොම ස්තූතියි ඔබේ ඉස්තරම් ප්‍රතිචාරයට!
මගෙනුත් උණුසුම් සුභ පැතුම්…!!
very very congratzzz machan… all da best
veru useful site…
digatama karagena yanda… congratulationzzz
උණූසුම් සුභපැතුම්…..෴!!
සම්පත් දායකයෙක් හැටියට මටත් බොහොම සන්තෝසයි…..
මගෙත් උපරිම දායකත්වය දෙනවා ඉදිරියේදිත් ඉඩ ලැබෙන හැටියට…..
නියමයි! ජය!
මගෙනුත් සුබ පැතුම්
the best site ever
මගෙන් උණුසුම් සුබ පැතුම්!!!
ස්තූතිය! හැමදාම මේ අඩවියට එනවට.
ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් බණ්ඩාර, Amila, ගීත්, Madhuuu, හා Vishwa Ranganath යන අයට මාගේ ස්තූතිය!
congratulation
Congratulations! I wish you all the best on behalf of e-WebCities, Inc. We are really happy about that award, we believe this website will be big leap forward for the betterment of all the students in Sri Lanka. And we are also proud of providing web services for this great website. We would like to provide much more services that we can offer for you by our side.
Wish you all the best
Niruth Wijewardane Chief Executive Officer
Shanon Cullen – Executive Officer
Sanjeeva Sovis – Manager Operations
Alex Shavantha – Manager Projects
Sakthi Chrishmal – Chief Technology Officer
Harith Manchanayake – Chief Marketing Officer & our world wide team members
e-WebCities, Inc.
http://ewebcities.com
info@ewebcities.com
Nice to see your valuable comment for this site. I appreciate your friendly service & Staff members. Keep it up your quality service & Thank You very much!!
සුභ පැතුම් යාළුවා නැවත වතාවක්..!!! ඇත්තම කියනවා නම් මම අදයි මේ බ්ලොග් එකට ආවේ..
මොකද ස්කෝලේ යන කාලේ ඉදලා විද්‍යාව කියන්නේ මට ඒ තරම්ම අරහං විශයක්..! ඒත් ඉතිං ජිවිතේට විද්‍යාව නැතුවත් බැහැනේ..
සුභ පැතුම් හා දිරිය ඔබ මේ කරගෙන යන වැඩේට.. කට්ටියම ඉදිරියටත් මේ විදියට කරගෙන යන්න..!
බොහොම ස්තූතියි බ්ලොගයට ගොඩ වුණාට. ගොඩක් වෙලාවට විද්‍යාව අරහං වීම සමස්ත පද්ධතියේ වැරැද්දක්. ඒ ගැනත් ඉදිරියේදී මෙහි ලිපි පළ වේවි. එහෙනම් ස්තූතියි නැවත වාරයක්!
පමා වුනත් සුබ පැතුමක් තියලා යන්නම්.. මොකද මම පෞද්ගලිකව එදා තමා දැනගත්තේ.. හොඳ වැඩක්..
බොහොම ස්තූතියි! කලින් අහලා තිබුණාට එදා තමයි ඇත්තටම දැක්කේ. තවත් බ්ලොග්කරුවෙක්ව හඳුනාගන්න ලැබීම සතුටක්.
මගේ උනුසුම් සුභ පැතුම්!
බොහොම ස්තූතියි!!