24Dec2010

ත්‍රිත්ව ලෝක – පළමු කොටස

“අධිරාජ්‍යයාණෙනි, දිය බල්ලන්ගේ ලෝකයේ දොරටු විවෘත කරගන්න ඊයේ අපට හැකි වුණා. දැන් ඔබතුමා එහි සැපත් වී දිය බල්ලන්ගේ ලෝවැසියන්ට ඔබගේ ආඥාවන් දැන්විය  යුතුයි.” පුරෝහිතයෙක් ලෙස ක්‍රියා කළ සේවකයා අධිරාජ්‍යයාට පිටුපා සිට පැවසීය.

“එසේය සේවකයාණෙනි” අධිරාජ්‍යයා දණක් බිමට නවමින් පැවසීය. සේවකයා නික්ම ගියේය. අධිරාජ්‍යයා නැගී සිටියේය.

සේවකයන්ගේ ලොවෙහි තත්වය මෙයයි. අධිරාජ්‍යයාට සියළු බලතල ඇත.  නමුත් ඔහු සිය අතවැසියන්ට ගෞරව කළ යුතු‍ය. එනම් මෙහි පිදුම් ලබන්නෝ දෙවර්ගයකි. ඒ පාලකයන් හා අතවැසියන්ය.

කිසිම සේවකයෙකුට සිය අධිරාජ්‍යයාගේ මුහුණ දෙස බලාගෙන කතා කිරීම සේවකයන්ගේ නීති වලට අනුව තහනම්ය. මෙහි සිටින සමහර සේවකයන් අධිරාජ්‍යයා එක් වරක් හෝ පියවි ඇසින් දැක නැත.

අධිරාජ්‍යයා සිය මාළිගාවෙහි වූ දැවැන්ත වෘක්ෂය වෙතට ගියේය. ගෙබිම පැන නැගී තිබුණ මුල් මත සිටගත් ඔහු පත්‍රයන් හිස මත තබා වෘක්ෂයේ ආශිර්වාය ලබා ගත්තේය. ඉන් අනතුරුව සිරිත් ලෙස සියලු කාර්යකය ක්‍රියාත්මක කර සිංහාසනය මත වාඩි විය. සියළු කාර්යකය මගින් දිය බල්ලන්ගේ ලොව පිළිබඳව මෙතෙක් අනාවරණය කරගත් කරුණු සියල්ල සිය වටකුරු හිස තුල තැන්පත් කරගත්තේය. ඉන් අනතුරුව සියළු කාර්යකය මගින් ලැබුණු විධානයකට අනුව එකම කලාව තුළ සිය සංඛ්‍යාතයේ පිහිටීම විචල්‍ය කරවමින් සේවකයන් කලින් සැලසුම් කල පරිදි දිය බල්ලන්ගේ ලොවෙහි අඳාළ සිථානයට ප්‍රක්ෂේපණය විය.

දිය බල්ලෝ අත් පොලසන් දෙමින්, හූ කියමින් සිය නව නායකයා පිළාගැනීමට සැදී පැහැදී බලා සිටියේය. ප්‍රක්ෂේපිත රුව සම්පූර්ණයෙන් සෑදුන පසු ප්‍රධාන දියබල්ලා මෙතෙක් වෙලා රැඳී සිටි සිය චිත්ත ශක්ත් යානයෙන් බැස සේවකයන්ගේ අධිරාජ්‍යයා වෙත ගියේය.

අධිරාජ්‍යයාගේ රූපය ඔහුට තමාගේ ක්‍රමයට ආචාර කළේය. ඒ සමගම ඔහු සිය සියළු කාර්යකයේ වූ බොත්තම් කිහිපයක් තද කළේය. දියබල්ලන්ගේ නායකයා එහි සිට අධිරාජ්‍යයාගේ රුවට තමාගේ ක්‍රමයට ආචාර කළේය. එය සේවකයන්ගේ ලොවෙහි වූ සියළු කාර්යකයේ තැන්පත් විය.

“උතුමාණෙනි, ඔබ අපව සොයා ගත්තා. ඊයේ වනතුරු අප සිතා සිටියේ මේ විශ්වයේ අපි තනිවෙලා කියලා. නමුත් අපේ ලෝකයට අයිති මාන දෝරටුව විවෘත වෙලා ඔබේ ලොවේ අය මෙහාට පැමිණි විට අපි පුදුම වුණා. මුලින්ම මම ඒක විශ්වාස කළේ නෑ. නමුත් පෞරාණික දියබල්ලා පැහැදිලි කළා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මම විශ්වාස කළේ.” නායක දියබල්ලා පැවසීය.

“මමත් එහෙම තමයි. මගේ ප්‍රධාන අතවැසියානන් කෙනෙක් ඔබලාගේ ලෝකයට අයිති සංඛ්‍යාත පරාසය සොයාගෙන ඒ බව මට සැලකලහම මම ඒක විශ්වාස කළේ නැහැ. නමුත් ඔවුන් අපේ ලෝක අතර දොරටු විවෘත කරපුවහම මට ඒක විශ්වාස කරන්න සිද්ධ වුණා.”

“ඔබතුමාගේ අකමැත්තක් නැතිනම්  මම කැමතියි දැනගන්න ඔබතුමා මෙහාට ප්‍රක්ෂේපිත රුවක් පමණක් එවීමට හේතුව?”

“ඒක සම්බන්ධයෙන් මම දැන් කණගාටු වෙනවා. මගේ සේවක ජනතාව දන්වා සිටියා ඔබලා කෙබඳු පුද්ගලයන්දැයි නොදැන එහි යෑම අනතුරුදායක විය හැකියි කියලා. නමුත් මට දැන් පෙනෙනවා ඔබලා සාමකාමී මිනිසුන් බව.”

“එතකොට උතුමාණෙනි, ඔබතුමා ලැහැස්තිද  දැන් අපේ නව නායකයා වීමට” දියබල්ලා ඇසීය. අධිරාජ්‍යාය පුදුම විය.

“ඔබ මාව නායකයා ලෙස පිළිගන්නවාද? මම හිතුවේ මට යුද්ධ කරන්න වෙයි කියලා.” ඔහු පැවසීය.

“ඒක එහෙම විය යුතුයි. පෞරාණීක දියලබල්ලාගේ අදහස්වලට අනුව කවදා හෝ උපතින් දියබල්ලෙක් නොවන පුද්ගලයෙක් අපේ ලොවට පා තැබුවහොත් ඔහුව අපේ පාලකයා ලෙස පිළිගත යුතුයි. මේක අපේ පරම්පරාගත නීතියක්.”

නායක සේවකයා සිය හිස දෑතින් බදා ගත්තේය. එය සේවකයන් පුදුම වූ විට දක්වන චලිතයයි.

“ඇයි ඔබ බය වෙලා වගේ. බය වෙන්න කිසිම දෙයක් නැහැ.” දියබල්ලා පැවසීය.

“නැහැ බය වුණා නෙමොයි. මට පුදුම හිතුණා. මට විශ්වාස කරන්න බැරිවූණා. ඒ වගේ වෙලාවේදී හිස බදා ගැනීම අපිට උපතින්ම උරුම වෙච්ච දෙයක්.” අධිරාජ්‍යයා පැහැදිලි ක‍ළේය.

“අපිට අපි ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.” දියබල්ලා පැවසීය.

හදිසියේම අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය අස්වාභාවික ලෙස සෙලවී ගියේය. එය දුටු දියබල්ල මඳක් වික්ෂිප්ත විය.

“ඔබ කොහොමද ඒක කළේ?”

“ඇත්තටම ඒක මම උවමනාවෙන් කළ දෙයක් නොවෙයි. දැන් අපේ ලෝකයට අඳුර වැටෙන්න ආසන්නයි. ඒ නිසා සූර්යාලෝකයේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීගෙන යනවා. ඉතින් මගේ ප්‍රක්ෂේපණයට සුළු සුළු බාධා ඇති වෙනවා.” දිය බල්ලා කිසිවක් නොකියා අසමින් සිටියේය.

“කොහොම වුණත් මට තව වැඩි වෙලාවක් ඔබත් එක්ක මේ විදියට සම්බන්ධ වෙලා ඉන්න අවසර ලැබිලා නෑ. වෘක්ෂයේ ශක්තිය සම්පූර්ණයෙන්ම වැය කරන එක තහනම් නිසා මම දැන් පිටව යනවා. මට බොහොම සන්තෝෂයි ඔබලව හඳුනගන්න ලැබීම ගැන. ඒ ව‍ගේම මම බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපේ ලෝක දෙක අතර සම්බන්ධයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක මම ළගදිම අපේ ලෝක දෙක අතර ස්ථීරවම දොරටුවක් විවෘත කරන්නට කටයුතු කරන්නම්. එතෙක් අපේ ලොවට ඇතුල් වීමට මේ උපකරණය පාවිච්චි කරන්න යැයි අධිරාජ්‍යයාගේ ප්‍රක්ෂේපිත රූපය ඝනකාභ හැඩැති උපකරණයක් දියබල්ලාගේ අතට දුන්නේය.

“මේකේ තියෙන මේ සංකේත තුන ස්පර්ශ කිරීමේන ඔබලාට අවශ්‍ය විටෙක මාන දොරටුව විවෘත කළ හැකියි.”

දියබල්ලා ඒ මේ අතර හරවමින් ඒ දෙස පුදුමයෙන් බැලුවේය.  නමුත් ඔහුට ඒ පීළිබඳව අධිරාජ්‍යාය‍ගෙන් කිසිවක් දැනගැනීමට නොහැකි විය. මක් නිසායත් ඒ වන විටත් අධිරාජ්‍යයාගේ රුව මැකී යමින් තිබුන බැවිනි.

“ආදොන් මේ බලන්න. තවත් සංඥාවක්” හෝදොන් දර්ශක පැනලය දෙස බලමින් තම මිතුරාට පැවසීය. තිරයේ දකුණුපස ‍කෙලවරින් තවත් සංඥාවක් ලැබෙන බව දැක්වෙමාන් තිබිණි.

“ඒ කියන්නේ තව ඒවා තියෙනවා. පොඩ්ඩක් ඒක තීව්‍ර කරන්න බලන්න.”

“ඒක සෑහෙන්න අමාරුයි. ඒ තරංග සෑහෙන්න විකෘති වෙලා. අපට අවශ්‍ය සංඛ්‍යාතය තෝරාගන්න අමාරුයි.” හෝදොන් උපකරණ සීරුමාරු කරමින් පැවසීය.

____________________________________________________________________

අධිරාජ්‍යායා සිය මාළිගාවේ වූ මහා වෘක්ෂය ඉදිරිපිට සක්මනෙහි යෙදුණි. ඔහුගේ සිත තුල සතුටකි. ලෝක දෙකක පාලකයා වීම…. එය ඔහුට සිතාගත නොහැකි අන්දමේ ත්‍යාගයකි.  එමෙන්ම විශාලා වගකීමකි. නමුත් ඔහු සතුටිනි.

ද්විත්ව ලෝකයම එළිය කරමින් සූර්යයා පායා ආවේය. “අධිරාජ්‍යයාණෙනි, සුභ උදෑසනක්!” මාළාගයට පැමිණි සේවකයා පසුපස හැරී පැවසීය.

“ආදොන් හා හෝදොන් අපේ ලොවට දකුණු පසින් මඳක් ඇලව පිහිටා ඇති තවත් සමාන්තර ලොවක සංඛ්‍යාත පරාස ගණනය කරමින් සිටින නමුත් ඒවා එතරම් පැහැදිලි නැතැයි ඔවුන් කියනවා.” සේවකයා පැවසීය.

“අහා! එය ඉතාමත් සතුටට කාරණයක් සේවකයාණෙනි. ඔවුන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න. ඔවුන් කෙබඳු මිනිසුන්ද?” සතුටට පත් අධිරාජ්‍යයා ඇසුවේය”

“ඒ ගැන තවම දැනගන්න විදියක් නැහැ කියලා ආදොන් පැවසුවා. අපේ සංඛ්‍යාතයන්වත් ඔවුන්ගේ ලොවට ඇතුල්  කරන්න බැරිවෙලා. ඒ ලෝකයේ සංඛ්‍යාත එතරම්ම විකෘති වෙලා. නමුත් ආදොන් හා හෝදොන් උත්සහය අතහැරලා නෑ” සේවකයා ඉවත බලා පැවසීය.

“හොඳමයි සේවකයාණෙනි, තවත් තොරතුරු ඇතොත් මට වහාම දන්වනු මැන. මම දැන් දියබල්ලන්ගේ ලොවෙහි පාලනයට අවශ්‍ය නීති රීති සකස් කරමින් ඉන්නේ. ඒ සියල්ල නිම වූ වහාම සේවක මණ්ඩලයට දන්වන්නම්.” අධිරාජ්‍යායා යටහත් පහත් ලෙස පැවසුවේය. සේවක විද්‍යාඥයා යන්න ගියේය.

මතු සම්බන්ධයි…

By Pathum Asanka

Sharing is caring.
  • Subscribe to our feed
  • Share this post on Delicious
  • StumbleUpon this post
  • Share this post on Digg
  • Tweet about this post
  • Share this post on Mixx
  • Share this post on Technorati
  • Share this post on Facebook
  • Share this post on NewsVine
  • Share this post on Reddit
  • Share this post on Google
  • Share this post on LinkedIn

Discussion

8 responses to "ත්‍රිත්ව ලෝක – පළමු කොටස"

  • Amila says:

    එල කතාව.. සුපිරි.. නායකයා සේවකයා විය යුතුය.. නායකයා සේවකයාටද ගරු කල යුතුය

    • සේවක ලෝකයේදී ඔහොමයි තත්වේ. මේ කොටසේ ලෝක දෙකක් ගැන විතරයි විස්තර තියෙන්නේ. අලුතෙන් හොයාගත්ත තුන්වෙනි ලෝකය මොකක්ද කියලා ඊළග කොටසින් දැනගන්න පුළුවන් වෙයි. දිගටම කියවන්න.

  • Amila says:

    අර කමෙන්ට් එක ගනන් ගන්ඩ එපා.. සම්බාව්ය කතාවක් දෙන්ඩ ගියෙ, වැරදුනා

  • මම්ත් විද්‍යා ප්‍රබන්ධ වලට ඉතාම කැමතියි, දැන් නම් කියවන්න ලැබෙන අවස්ථා ඉතාම අඩුයි.
    මේ වැඩේ ඉතාම අගයකොට සලකනවා. සුභ පතනවා!!!

    • බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. දිගටම කියවන්න. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ ලබා දෙන පැතුම් සොයුරාවත් මතක් කරන්න ඕනේ.

  • Ykani says:

    මේක නම් නියමයි.. මමත් විද්‍යා ප්‍රබන්ධ කියවන්න ගොඩක් ආසයි.. විද්‍යාව.com මඟින් මේ කරන සේවය ගොඩක් හොඳයි.. ඔබට ජය!

  • Das says:

    hmmmm wenas widihe hoda kathawak man 2 kotasa kiyawannai hadanne.
    keep it up..

Leave a Comment