ත්‍රිත්ව ලෝක – තෙවන කොටස
“ජනාධිපතිතුමනි, දැන් අප මොකද කරන්නේ. තව දුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථීරයි.” රාජ්‍ය ලේකම්වරයා පැවසීය.
“මම ඕස්ට්‍රෙලියාවටයි ඉන්දියාවටයි කතාකලා ඒ ගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සියළුම තැන් ජනාවාස වෙලාලු. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ජනගහන වර්ධනය වීම නතර කරලා නිසා ඒ රටවල ආයේ ජන වර්ධනයක් ඇති වෙන එකක් නෑ කියලා ජන අතිරික්තයක් ඉන්න මිනිසුන්ව එහි පදිංචි කරවන්න කියලා තිබුණෘ. වීසා පාස්පෝට් නැතිවුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තිබුනා.”
“ඒ වුණාට ඒක තාවකාලික විසඳුමක් විතරනේ. මේ මුළු ලෝකෙම උපත් පාලනය කරන්න තිබුණේ මීට ඉස්සර. දැන් ඉතින් අශ්වයා පිට වුණාට පස්සේ ඉස්තාලෙ දොර වැහුවා වගේ බලාගෙන ඉන්නවා.”
“කොහෙද මේ කෙහෙල්මල් මානව හිතවාදී සංවිධාන මැරෙන්න හැදුවනේ.” ලේකම්වරයා ඉතුරුව සම්පූර්ණ කළේය.
“ඇත්තමයි මිස්ට රෙනෝල්ඩ් මට ඉල්ලා අස්වෙන්න හිතෙනවා.” ඇත්තෙන්ම මෙලොව වෙසෙන අවාසනාවන්තම පුද්ගලයා මොහු විය හැකිය.
____________________________________________________________________
දැනට ලෝකයේ ඉතුරුව තිබුණු වැසි වනාන්තර 4න් එකක් තුළ වනයේ පරිසරයට නොගැලපෙන කිසිදාක නොදුටු අන්දමේ විපර්යාසයක් සිදුවිණි. මීට පෙර මෙවැනි දෙයක් දුටුවේ පෞරාණික හා නායක දියබල්ලන්ය.
සේවකයෝ දෙදෙනෙක් අනන්තයේ සිට ආවාමෙන් මතු වූහ.
“ආදොන් මේ බලන්න. වෘක්ෂ වහන්සේලායි පරිවාර වෘක්ෂයනුයි තෘණයි පිරිලා. මොකක්ද මේක?” හෝදොන් කෑගැසීය.
“මේක අපේ පුරාවෘත්ත වල තිබෙන වනාන්තරයක් වගේ එකක් වෙන්න ඇති.” ආදොන් මතක් කළේය.
“අපේ අධීරාජ්‍යයාණන් ගොඩක් සතුටු වෙයි. දියබල්ලනගේ ලොක්යේ වෘක්ෂයන් තිබුණා කියලා එතුමා ගොඩක් සතුටු වුණා. ඒ වුනාට මෙච්චර විශාල වනාන්තරයක් නම් අපේ ලෝකයේ කවුරුවත් දැකලා නැතුව ඇති.” ආදොන් වටපට බලමින් මහත් සතුටකින් යුතුව පැවසීය.
“අපි අර පර්වතය උඩට නැගලා බලමු ඈත මොනවද තියෙන්නේ කියලා.”
මොහොතකින් දෙදෙනා තම ප්‍ර්‍රතිගුරුත්ව යන්ත්‍ර භාවිතයෙන් පර්වතය නැගීම ආරම්භ කළෝය.
“මගේ දකුණු පයේ තිබෙන පාවෙන සෙරෙප්පුවේ වෑල්වය නරක් වෙලාද කොහෙද ඒ පැත්ත ටිකක් පහත් වෙනවා.” ආදොන් ඉහල නගින අතරතුර පැවසීය.
“ඒයි අර මොනවද?” රක්ෂිතයේ සීමාවෙන් ඔබ්බෙහි වූජනාකීර්ණ නගරය තුළ වූ තට්ටු ගණන් උස ගොඩනැගිලි සේවකයන් දෙදෙනා තුල අමුතු ආකාරයේ හැඟීමක් ආකාරයේ හැඟීමක් ඇති කළේය.
“මම හිතන්නේ ඒ මෙහෙ ඉන්න මිනසුන්ගේ ගෙවල් වෙන්න ඇති. හැබැයි ඉතින් මෙච්චර නිවාස තායෙනවනම් මේ ලෝකේ මිනිසුස ගොඩක් ඇති. කොයි එකටත් යමුද පොඩ්ඩක් බලන්න.” ආදෝන ඇසීය.
ඒ ගොල්ලෝ කවුරු වගේ අයද කියලා නොදැන එහාට යන එක භයානකයි නේද?” හෝදොන් අනතුරු ඇඟවීය.
“නමුතු මෙච්චර උසට ගොඩනැගිලි හදන්න තරම් දියුණු තාක්ෂනයක් හා බුද්ධියක් තියෙනවනම් ඒ මිනිස්සු නරක අය වෙන්න බෑ. ඕන එකක් වෙච්චදෙන් කියලා බැහැලා යු පල්ලම” යැයි පවසමින් ආදොන් ඉදිරියට පා තැබීය.
“පොඩ්ඩක් ඉන්න එහෙයනම් අපි මේ පාවෙන සෙරෙප්පු ගලවලා තියලා යමු. නැතිනම් ඒ ගොල්ලන්ට අපිව අමුතු විදිහට පෙනෙයි. හෝදොන් පැවසීය. පැවහන් ඔවූහූ ඉදිරියට පා තැබූහ.
“ඔබතුමා හිතනවද සේවකයන්ගේ පැමිණීම අපේ ලෝකයේ පැවැත්මට තර්ජනයක් නෙවෙයි කියලා?” පෞරාණීක දියබල්ලා නායක දියබල්ලාගෙන් ඇසීය. ඒ එකදු වචනයක්වත් නොපවසාය.
“ඔවුන් අපේ සම්මතයන්ට හා නීතිවලට ගරු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව ඔවුන්ගේ ලොවෙන් වඳවෙලා ගිය ශාක හා සත්වයන් මෙහෙන් අරන් ගිහිල්ලා එහෙ නැවතත් ඇති කරන එක. අධිරාජ්‍යයා අපිව පාලනය කරනවා කියන එකෙන් මම අදහස් කළේ ඔවුන් හා අප අතර අන්තර් ලෝකමය සම්බන්ධතා ඇති කරගෙන සිටීම හා ඔවුන් සමඟ සම්බන්ධය ඒ සම්බන්ධය වඩාත් තහවුරු වන ලෙස විවිධ ගනුදෙනු පවත්වාගෙන යාමයි. එහෙම නොමැතිව ඔවුන්ට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට සම්බන්ධවීමට උත්සහා දරයි කියලා මම හිතන්නේ නැහැ.
_________________________________________________________________
“ඒයි ඔහොම නවතිනවා. හෙල්ලනේන එපා”
ආදොන් ශබ්දය ආ දෙස බැලීය. ගිනි අවියක් අමෝරා ගෙන අමුතු ඇඳුමක් ඇඳගෙන ඔවුන් දෙසට එන මේ පුද්ගලයා දෙස සේවකයන් දෙදෙනා බලා සිටියෝය. ඔවුන් දෙනොගේ සිතු කුහුලින් පිරී ගියේය.
“උඹලා මොකද මෙහෙ කරන්නේ? දන්නැද්ද මේක අධි ආරක්ෂිත රක්‍ෂිතයක්” සේවකයන්ට ඔහුගේ වදන් නොතේරුණි.
“කතාකරපල්ලා…..” ආරක්ෂකයා සිය අවිය හෝදෝන් දෙසට එල්ලකර පැවසීය.
“සමාවෙන්න අපි ආවේ වෙන ලෝකෙකින්. අපිට ඔබව තේරුම්ගන්න බැහැ. “ හෝදොන් පැවසීය. හෝදොන් තුවක්කුව ගනකට නොගෙන ඔවුන්ගේ ක්‍රමයට යටහත් පහත් ලෙස පැවසීය. ඇත්තෙන්ම ආරක්ෂකයා අතෙහි තිබූ මෙම කලු පැහැති උපකරණය පිළිබඳව ඔවූහු කිසිවක් නොදත්හ.
“මොනවද උඹලා කියන්නේග ඔය භාෂාව මම දන්නේ නැහැ. කොහොම වුණත් වරෙල්ලා අපේ කුටියට. එතනදී මම දැනගන්නම් උඹලා කවුද කියලා” කෝපයට පත් නිලධාරියා සේවකයන් දෙදෙනා ඉදිරියට තල්ලු කරමින් පැවසීය.
“හෝදොන් මෙයා අපිට සලකන හැටි එච්චර හොඳ නෑ මේ මිනිස්සු දරුණු ජාතියක් වෙන්න ඖනේ. අපිට මොනවා කරයිද දන්නේ නෑ” ආදෝන් සැකයෙන් මෙන් පැවසීය.
“මොනවා උනත් ගිහින් බලමු. මට හිතෙනවා මේ මනුස්සයා එක්තරා විදියක ආරක්ෂකයෙක් කියලා. සමහර විට මෙයා අපිව ඒ ගොල්ලන්ගේ ප්‍රධානියා ළගට අරන් යයි. අපි පොඩ්ඩක් ඉවසමු.”
ආරක්ෂකයා සේවකයන් දෙදෙනාම ඔහුගේ වායුසමනය කළ මුර කුටිය තුළට ගෙන ගියේය. එහි වූ පරිගණකය ක්‍රියාත්මක කරවා මයිකෝර්ෆෝන 2ක් ලංකර, “හ්ම්… දැන් කියනවා…….”
ආදොන් හෝදොන් දෙස බලා ඇසින් සංඥා කළේය. “අපි ආවේ වෙන ලෝකෙකින්……” ,හ්ම් පෝඩ්ඩක් ඉන්නවා…” යැයි කියූ ආරක්ෂකයා පරිගණකයේ වූ යමක් දෙස බැලීය.
“හ්ම් තමුසෙලා මේ සිංහලනේ කතා කරන්නේ. මම නම් සිංහල දන්නේ නෑ. කියනවකෝ බලන්න” යැයි ඉංග්‍රීසියෙන් පැවසීය. ඒ වදන් මයික්‍රෝෆෝනයටම සම්බන්ධ වූ කන්යොමු තුලින් සේවකයන් දෙදෙනාට සිංහලෙන් ඇසුණි.
“ඔයාලා ගොඩක් දියුණුයිනේ.” හෝදෝන් පැවසීය.
“විකාර කතා නෙමෙයි. තමුසෙලා කවුදු? මොකටද ආවේ? මොනවද කරන්නේ කියලා ඉක්මන කියනවා. මට තව වැඩ තියෙනවා.”
“අපි සේවකයෝ” ආදෝන් කතාව ආරම්භ කරමින් පැවසීය.
“හොඳයි තමුසෙලා කාගේ සේවකයෝද?” ආරක්ෂකයා මැද්දට පැන ඇසුවේය.
ඒ ප්‍රශ්නයෙන් සේවකයෝ පුදුම වූහ. “අපි කාගේවත් සේවකයෝ නෙමෙයි. සේවකයෝ කියන්නේ අපිට තමයි.” ආදෝන් කීවේය.
“මොනවද අයිසේ කියන්නේ. බොරු කියලා මගෙන් බේරෙන්න බෑ. මම දැන් ුවුරුදු 10ක් මේ වැඩේ කරනවා. තමුසෙලා දන්නවනේ අධි ආරක්ෂිතයකට අනවසරයෙන් ඇතළු වීමට දඩුවම මරණය. කිසිම සමාවක් නෑ. මේ ජනගහනය වැඩි වෙලා ඉන්න වෙලාවේ දෙන්නෙක් මැරෙන් එකත් ලොකු දෙයක්.” ආරක්ෂකයා පැවසීය.
හෝදොන් එයින් බොහෝ දේ තේරුම් ගත්තේය.
“මහත්මයා මේ අහන්න. අපි මේ ලෝකේ අය නෙවෙයි. අපි ආවේ සමාන්තර ලෝකයකින්. අපි නොදැනුවත්වයි ඔබලා මෙච්චර ආරක්ෂා කරන පූජනීය වෘක්ෂයන්ගෙන් පිරි භූම්යකට ඇතුලු වුණේ. ඒ ගැන අපි සමාව ඉල්ලනවා. අපි කැමතියි ඔබලාගේ ප්‍රධානියාව හමුවෙන්න.” ඔහු පැවසීය.
එබසින් ආරක්ෂකයා තුළ කැළඹීමක් ඇති විය. ඔහු දුරකථනය ගෙන “සර් මිනිස්සු දෙන්නෙක් අල්ලගත්තා. ඔවුන්ට ඔබව හමුවෙන්න අවශ්‍යයිලු.”
“මොන කරදරයක්ද අයිසේ. දැන් ටිකකට කලින් දකුණේ එකෙත් කාවද අල්ල ගත්තා කිව්වා. දන්නවනේ කරන්න ඖනේ දේ. මගෙන් අහන්න දෙයක් තියෙනවයෑ. අනිත් එක අද ඉරිදා. මගේ නිවාඩු දවස. මට එන්න බෑ.” ඒ මොහෝතේ වෙරි මතින් පසුවූ ප්‍රධානියා පැවසීය.
“ලොක්කට තමුසෙලාව හම්බවෙන්න බැහැලු. තමුසෙලා ඇත්ත කියනවද? නැත්නම් මම මගේ වැඩේ කරන්නද? මට අණදීලා තියෙන්නේ අනවසරයෙන් ඇතුව වන සියලු දෙනාම මරන්න…..”
ආරක්ෂකතුමාණෙනි, පොඩ්ඩක් ඉවසනු මැන. අපට ඔයාලට උදව් කරන්න පුළුවන්. ඔයාලගේ වැඩිවන ජනගහනයට විසඳුමක් දෙන්න.” ආදොන් ආක්ෂකයා දෙස බලා පැවසීය.
“ඕවා කියලා වැඩක් නැහැ. ඔය එක එක ජාතියේ බොරු කියලා මාව රවට්ටන්න බෑ. එනවා යන්න…. පැනලා යන්න හදන්න එපා. තමුසෙලාට මගෙන් බේරෙන්න බැහැ.”
“හරි පොඩ්ඩක් ඉන්න අපි ඔප්පු කරන්නම් අපි මේ ලෝකේ නෙමෙයි කියලා.” හෝදොන් තම මයික්‍රෝෆෝනයට පැවසීය.
“හොඳයි එහෙනම් ඔප්පු කරනවා බලන්න.” ආරක්‍ෂකයා පැවසීය.
“ඒකට අපි ආපු තැනට යන්න ඕනේ.” ආදෝන් පැවසීය.
“මේ, යාළුවා තමුසෙට බැහැ මාව ගොනාට අන්දන්න. තමුසෙලා කවුරු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. නීති කඩ කළොත් මරණය…” ඔහු පැවසීය.
“මහත්මයා පොඩ්ඩක් ඉවසන්න. මේක අපි දෙගොල්ලන්ටම ඉතාම වැදගත් දෙයක්.” හෝදෝන් ඉල්ලා සිටියේය.
“වැඩක් නෑ අයිසේ. මම තමුසෙලාව විශ්වාස කරන්නේ නෑ. එක එක විදියේ බොරු අහලාමට දැන් ඇති වෙලා. මේ රටේ සිංහලයොයි, ඇමෙරිකානුවොයි, දෙමළුයි හැම එකාවම දාගෙන මළ කරදරේ.” යැයි පවසමින් ඔහු තම අසුනින් නැගිට සිටියේය.
“හෝදොන් කරන්න දෙයක් නෑ. මේ මිනිස්සු කොහොමත් අපිට හරියන්නේ නැහැ. කොච්චර දියුණු වුණත් මිනිස්සුන්ට හොඳ ගතිගුණ නැහැ. මේ මනුස්සයා අපිව මරන්න කලින් අපි යා යුතුයි. නැත්නම් දියබල්ලනුත් අපිට නැති වෙයි.”
“ඒක ඇත්ත. දිය බල්ලොත් එක්ක බලනකොට මේ මිනිස්සු යක්කු වගේ. කොහොමද දැන් මෙයාගෙන් බේරෙන්නේ?”
“ඒයි උඹලා දෙන්නා කතා කරන්නේ පැනලා යන එක ගැනනම් ඒක බොහොම නිශ්ඵල දෙයක්. මොකද මේ තුවක්කුවෙන් බේරෙන්න ලේසියෙන් බැහැ. අනිත් එක මම තරම්දක්‍ෂ වෙඩික්කරුවෙක් මුළු කැලෑ ආරක්ෂක සේවයේම නැහැ. ඒක නිසා උඹලා පැනලා යන්න හදන්නේ නැතිව ගෞරවාන්විත විදිහට මැරියල්ලා.” ආරක්ෂකයා අවඥාවෙන් මෙන් පැවසීය. ඔහුගේ මේ වදන් සේවකයන් දෙනොට නොතේරුණ නමුත් තව දුරටත් ඔහුගේ වදන් වලට සවන් දීමට ඔවුන් දෙදෙනා තුළ කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි.
“හෝදොන් මතකනේ “මික්ස්කික්“. මෙයාට දෙකක් දුන්න ගමන් අපට මෙතනින් පැන ගන්න පුළුවන්”. ආදෝන තම මුතුන් මිත්තන්ගෙන් ඉගෙන ගත් අධි තාක්ෂනික ක්‍රම වලින් යුතු සටන් ක්‍රමය පිළිබඳව තම මිතුරාට මතක් කළේය.
ඔවුන් මෙය අත්හදා බලන ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන්ගේ ලොකයේදී කිසිදු අවස්ථාවක මෙවැනි අවශ්‍යතාවයක් ඔවුන් අඅඅඇත නොවුණි.
ආරක්ෂකයා ඔවුන්ව ඉදිරියට කල්ලු කළේය. “හෝදෝන දැන්” ආදොන් සංඥාව දුන්නේයග ඔවුන් දෙදෙනා දෙපසට අඩවටයක් කැරකී එල්ල කල පා පහරින් ආරක්ෂකයා සෑහෙන්න කලකට නොනැගිටින්නටම වැද හොත්තේය.
“අපිට සමාවෙන්න යාළුවා. අපි ඔබත් එක්ක තරහා නෑ. අපි ඔයාට ගරු කරනවා. ඒ තමන්ට ලැබෙන් අණ අකුරටම පිළිපදින් නිසා. නමුත් ඔයාගෙ ලෝකයට වෛර කරනවා. මෙහෙ මිනිස්සු දිගින් දිගටම මෙහෙ හිටියොත් හැමදාම විශ්වයේ හුදෙකලා වී සිටීවි.”
සේවකයන්ගේ ලොවෙහි දර්ශන පුවරුවකින් අප ජීවත් වන සමාන්තර ලොවේ සංඛ්‍යාතයන් සදහටම මැකී ගියේය.
෴නිමි෴
By Pathum Asanka






හ්ම්ම්, අපේ ලෝකෙ අය ඉතින් වෙනත් ලෝක ගැන විශ්වාස කරන්නෙ නෑ නෙ.
යන්තම් හරි විශ්වාසයක් තිබුනා නම් අපේ ලෝකයට යම් සහනයක් ලබා ගන්න තිබුනා.