විද්‍යුත් චුම්භක වර්ණාවලිය
පසුගිය ලිපි වලින් අප විවිධ කිරණ වර්ග හඳුනාගනු ලැබුවා ඔබට මතක ඇති. මේ කිරණ බොහොමයක් විද්‍යුත් චුම්භක වර්ණාවලියට අයත් වෙනවා. කුමක්ද මේ විද්‍යුත් චුම්භක වර්ණාවලිය කියන්නේ?
විද්‍යුත් චුම්භක වර්ණාවලිය(Electromagnetic Spectrum) කියන්නේ විද්‍යුත් චුම්භක විකිරණයන් ඒවායේ ශක්තිය, සංඛ්‍යාතය, සහ තරංග ආයාමය අනුව පිළියෙල කළ වගුවක්. මෙය ගැමා කිරණවල සිට රේඩියෝ තරංග දක්වා පරාසයක විහිදෙනවා. ගැමා කිරණ ඉතා කෙටි තරංග ආයාමයක් ඇති අතර ඉහළ ශක්තියක් දරනවා.
මෙහිදී අපට වඩාත් වැදගත් වන්නේ එක්ස් කිරණ සිට අධෝරක්ත කිරණ දක්වා පරාසයයි.
එක්ස් කිරණ – X-rays
ඔබ දැනටමත් දන්නවා එක්ස් කිරණ පිළිබඳව. එක්ස් කිරණ වල තරංග ආයාමය නැනෝමීටර 0.01 ත් 10ත් (0.01 – 10 nm) අතර පරාසයක පවතින අතර ඉලෙක්ට්‍රෝණ වොල්ට් 120 සිට ඉලෙක්ට්‍රෝණ කිලෝවොල්ට් 120 (120 eV – 120 keV) අතර පවතී. විවිධ අවශ්‍යතා අනුව එක්ස් කිරණවල තරංග ආයාමය වෙනස් කර භාවිතයට යොදාගනී. උදාහරණයක් ලෙස දැනට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ගුවන් තොටුපලවල ශරීර පිරික්සීමේ උපකරණය ඉතා මෘදු සහ ශක්තිය අඩු එක්ස් කිරණ භාවිතා කරන අතර, සංයෝගවල ව්‍යුහයන් නිර්ණය කරන එක්ස් කිරණ ස්ඵටික විද්‍යාවේදී දෘඪ එක්ස් කිරණ භාවිතා කෙරෙනවා. එක්ස් කිරණවල වෙනත් උපයෝගීතා වන්නේ තාරකා විද්‍යාව, එක්ස් කිරණ අන්වීක්‍ෂ, කර්මාන්ත ශාලාවල භාණ්ඩවල පළුදු පරීක්‍ෂාව, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය, විවිධ සියුම් කලා නිර්මාණවල සංයුතීන්, නිරවද්‍යතා ආදිය නිර්ණය, එක්ස් කිරණ ප්‍රකාශ ඉලෙක්ට්‍රෝණ වර්ණාවලීක්‍ෂණය (X-ray Photoelectron Spectroscopy) ආදී දෑ වලටයි.
පාරජම්බුල කිරණ (Ultra Violet Rays)
පාර ජම්බුල කිරණ බොහෝ දෙන දන්නේ UV කිරණ ලෙස. පාරජම්බුල යනු දම් පැහැයෙන් ඔබ්බට ඇති කිරණයි. දෘශ්‍ය ආලෝකයේ මුල්ම වර්ණය වන දම් පැහැය සහ එක්ස් කිරණ අතර ඇති තරංග ආයාම පරාසය මේ යටතට වැටේ. එය නැනෝ මීටර 10 සිට 400 දක්වා පරාසයක විහිදේ. ශක්තිය ඉලෙක්ට්‍රෝණ වෝල්ට් 3 සිට 124 දක්වා පරාසයක ඇත. පාරජම්බුල ආලෝක කිරණ ප්‍රධාන වශයෙන්ම ජනනය වන්නේ හිරුගෙනි. එසේ වුවත් ඕසෝන් ස්ථරය මඟින් පෘථිවියට පැමිණෙන පාරජම්බුල ආලෝක කිරණ වලින් සියයට 97-99 දක්වා ප්‍රමාණයක් වලක්වාලයි. පාරජම්බුල ආලෝක කිරණ වැඩි වශයෙන් භාවිතයට ගැනෙන්නේ රසායන විද්‍යාවේ පාරජම්බුල-දෘශ්‍ය වර්ණාවලි දීප්තමානය (UV-Visible Spectrophotometer) තාරකා විද්‍යාව, අපරාධ විද්‍යාව, සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය- විෂබීජ නැසීම, ආලෝක ප්‍රතිකාර, ප්‍රෝටීන සහ ඩී.එන්.ඒ. පිළිවෙල නිර්ණය කිරීමේ පරීක්‍ෂණ; මුදල් නෝට්ටු මුද්‍රණය සහ පරීක්‍ෂණයේදී, ආදී විවිධ ක්‍ෂෙත්‍ර වලයි.
දෘශ්‍ය අලෝකය (Visible Light)
දෘශ්‍ය ආලෝකය නැනෝ මීටර 400 සිට 800 දක්වා පරාසයක විහිදේ. තරංග ආයාමය අනුව දෘශ්‍ය ආලෝකයේ වර්ණය වෙනස් වේ. තරංග ආයාමය අඩු (ශක්තිය වැඩි) දම් පැහැයේ සිට තරංග ආයාමය වැඩි (ශක්තිය අඩු) රතු පැහැය දක්වා මේ පරාසය දිවේ. මිනිස් ඇසට දැකිය හැකි නිසා මෙම පරාසය දෘශ්‍ය ආලෝකය ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් ලෙස මෙම දෘශ්‍ය ආලෝකය වර්ග කෙරේ. දෘශ්‍ය ආලෝකයේ වර්ණ වලා නිශ්චිත තරංග ආයාමයක් දිය නොහැක්කේ ඒවා පරාසයක් පුරා පැතිර ඇති නිසායි.
අධෝරක්ත කිරණ (Infra-Red)
අධෝරක්ත කිරණ යනු රතු පැහැති ආලෝකයට ඔබ්බෙන් ඇති තරංග ආයාම සමුහයයි. මෙය A, B, සහ C ලෙස වර්ග කර ඇත.
IR – A 700 – 1400 nm
IR – B 1400 – 3000 nm
IR – C 3000nm – 1mm
මෙය මෙසේද වර්ග කළ හැක.
1.සමීප අධෝ රක්ත පෙදෙස (Near IR) – ප්‍රකාශ තන්තු වල ආලෝකය සම්ප්‍රේෂණයට භාවිතා කිරීම
2.කෙටි තරංග ආයාම අධෝරක්ත (Short wavelength IR) – දිගු දුර තරංග සම්ප්‍රේෂණයට
3.මධ්‍යම තරංග ආයාම අධෝරක්ත (Medium wavelength IR) – Guided missile නොහොත් නියමු මිසයිලවල ඉලක්කය පෙන්වීම සඳහා භාවිතා කරන්නේ මෙම පරාසයයි.
4.ඈත අධෝරක්ත (Far IR) – ලේසර් වල භාවිතා වේ.
ඕනෑම රත් වූ වස්තුවක් අධෝරක්ත කිරණ පිටකරයි. බටහිර ත්‍රාසජනක සිනමා කෘති වල ඇති Heat signature නම් වූ ක්‍රමය, Predator චිත්‍රපටයේ පිටසක්වල ජීවියා භාවිතා කරන ආලෝක ක්‍රමය ආදිය IR ආලෝකයයි. මෙය සත්‍ය වශයෙන්ම අපරාධකරුවන් ත්‍රස්තවාදීන් ඇල්ලීම සඳහා විවිධ හමුදා- පොලීසි මඟින් සැබෑවටම භාවිතා කරයි.
ඇත්තෙන්ම ඔබ භෞතික විද්‍යාවේදී විද්‍යුත් චුම්භක වර්ණාවලිය පිළිබඳ මෙයට වඩා ගැඹුරුව හදාරනු ඇති.







හොඳ ලිපියක්. මෙහි අධෝරක්ත කිරණ අපි බහුලව අත්දකින තරංගයක් කියලා හිතෙනවා. මෙහි A වර්ගයට Near IR ද B වර්ගයට Short wavelength IRද C වර්ගයට Medium wavelength IR සහ Far IR අයත් වෙනවා. මීට අමතරව ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවටත් IR යොදාගන්නවා.
Heat signature ක්‍රමයේදී සිදු වන්නේ අධෝරක්ත තරංග අඳාළ වස්තුවේ ගැටීමෙන් පසු නැවත පරාවර්තනය වන තරංග ප්‍රතිග්‍රහණය කිරීමක් වෙන්න ඇති නේද?
ඕනෑම රත් වූ වස්තුවක් අධෝරක්ත කිරණ පිටකරයි. එම කිරණ වස්තුවේ උශ්ණත්වයට ලාක්ෂනික වේ. Heat signature ක්‍රමයේදී එම කිරණ ග්‍රහණය කරගනී.
Dear sir,
Pls state here something about Synchrotron X-Rays either. It will very useful to understand the basics about particle acceleration issues for the users. XPS does use synchrotron sources , not just only commercial made XPS generator systems.
Good work! Thank you.
I will try my best…. when I find some time to write it
maximum macha
ah.. මෙ ටිකේ පන්තියේ කරන්නෙත් මෙ පාඩම ….
ගොඩක් ස්තූතිය්
Thnx…….thawa tikak thibunanam hugak prayojanawath wenawa……..IR,Radara,Radio wage ewaye prayojana ehema dannna puluwan nam hodai….