About

විද්‍යාව.com [vidyawa.com] යනු විද්‍යාව සඳහාම වෙන් වුණු වෙබ් අඩවියක්. මූලික වශයෙන් බ්ලොග් මාධ්‍යය උපයෝගී කරගෙන ශ්‍රි ලාංකිකයන් හමුවට මෙම අඩවිය එන්නේ කිසිදු  මූල්‍යමය ලාභ පරමාර්ථයකින් තොරවය. මෙමඟින් මුල සිට සරලව ඕනෑම අයෙකුට වැටහෙන සේ සෑම විද්‍යාවක්ම ආවරණ කෙරේ. එමඟින් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය පරපුරට මනා පිටුවහලක් ලැබේවී කියා අපි සිතමු. හුදෙක් පාඩම් මාලාවකටම සීමා නොවී ගවේෂණාත්මකව කාලීන මාතෘකා පිළිබඳව අඳාළ විෂයයන්හි ප්‍රවීණයන් සමඟ සංවාද ඇති කර ගැනීමටත් අප සූදානම්. මෙය තවමත් ගොඩනැගෙමින් පවතින වෙබ් අඩවියක් බැවින් ඕනෑම කෙනෙකුට මේ අඩවියේ අභිවෘදිධිය තකා තම දායකත්වය සැපයිය හැකියි.

තවද eWebCities ආයතනයේ පූර්ණ අනුග්‍රහය මත විද්‍යාව.com වෙත නොමිලේ වෙබ් සේවාවන් සපයයි. අපගේ බ්ලොග් ලිපි වැඩි පාඨක පිරිසක් වෙතට ගෙන යාමට සිංහල බ්ලොග් කියවනය, ලංකීය සිතුවිලි , කොත්තු ඇතුළු ශ්‍රී ලාංකීය බ්ලොග් කියවන මඟ පෙන්වයි.

“Every Action has a Reaction” මෙහෙම කිව්වේ නිව්ටන්! ඔහුගේ එම නියමය සත්‍යාපනය කිරීමට කිය වූ ලිපි‍යට පහළින් ඔබේ ප්‍රතික්‍රියාව සටහන් කර යන්න.එය විද්‍යාව.com අඩවියේ පැවැත්ම සඳහා පිරිනමන හොඳ උත්ප්‍රෙරකයක් වේවි.”

විද්‍යාව.com වෙබ් අඩවිය සමඟ ඔබට තවදුරටත් රැඳී සිටීමට මෙම සේවාවන් උපයෝගී කර ගත හැකියි.